Print this Article


මාවරල මල්ලිකාරාම දහම් පාසලට වසර 56 ක් සපිරෙයි

මාවරල මල්ලිකාරාම දහම් පාසලට වසර 56 ක් සපිරෙයි

මාවරල මල්ලිකාරාම දහම් පාසලට වසර 56 ක් පිරීම සමගාමී ව දහම් පාසල් ගුරුවරුනට උපහාර පිදීමත්, සිසු දරුවනට ත්‍යාග පිරිනැමීමත් නිමිත්තෙන් මල්ලිකාරාමයේ දී දහම් හමුවක් පැවැත්විණ. එහි මුලසුන , පස්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති දම්පහළ ඤාණාලෝක හිමියන් මෙහෙයවන ලද අතර රෝහණ පාර්ශ්වයේ මාතර මහ දිසාවේ මොරවක් කෝරළයේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති ගොම්බද්දල සුමනවංශ නාහිමි , පස්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හිමියෝ ද, ලේඛකාධිකාරි හිමියන් වන කටුවන චන්දරතන හිමියෝ ද ඇහැලකන්දේ සුමන හිමියෝද, අනුශාසනා පැවැත්වූහ.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න, මාවරල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ශාන්ත සුවාරිස් යන මහත්වරු ද එම දහම් හමුව ඇමතූහ. පස්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් අතර පැවැති නිපුණතා තරග වලින් ජය ගත් ඩබ්ලිව් . නිමේශ් උදයංග .එච්.ඒ.පුබුදු නිසංසල, ජේ.ඒ.සස්මිණි සහංසා, ඩබ්ලිව්. විරාජ් චාමික , වී. ජීයසින්ත රශ්මික, ආර්.ටී.චතුණි කවිශ්කා , තිසලි මොනිල්කා කුරුප්පු, ටී.කේ. කවිශ්කා තාරින්දි යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තෑගි පිරිනැමීම ද ආරාධිත අමුත්තන්ගේ අතින් සිදු කළහ. දහම් පාසල් අචාර්ය මණ්ඩලය විසින් විහාරාධිපති හිමියන්ට උපහාර පිදීම ද සිදු කළ අතර එය විල්සන් කුරුප්පු මහතා විසින් උන්වහන්සේට පිළිගන්වන ලදි.