Print this Article


ශ්‍රීමත් සිරිල් ද සොයිසා 42 වන ගුණ සමරුවට පින්කම්

ශ්‍රීමත් සිරිල් ද සොයිසා 42 වන ගුණ සමරුවට පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා ගේ 42 වෙනි ගුණ සමරු පින්කම නිමිත්තෙන් 2020 ජනවාරි 1 සහ 2 දිනවල දී පින්කම් මාලාවක් කළුතර බෝධි පරිශ්‍රය තුළ දී පැවැත්වේ.

ජනවාරි මස 1 වෙනි දින පෙරවරු 6.00 ට කිරිපිඬු පූජාව ද, අනතුරුව සර්ව රාත්‍රික පිරිත් දේශනය ද, 2 වෙනි දින හීල් දානය ද, 2 වෙනි දින බෝධි පරිශ්‍රය තුළ පිහිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ පිළිරුව අබියස පුෂ්පෝපහාර දැක්වීම (පෙරවරු 9.00) ද, මෙයට සමගාමී ව බලපිටිය නගර සභා පිටියේ ස්ථාපිත කොට ඇති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා පින් පැමිණවීම ද සිදු කෙරේ.