Print this Article


මාලිම්බඩ ඉන්ද්‍රාරාමයේ ක්ෂීර පායාස දුරුතු පින්කම මෙවරත්

මාලිම්බඩ ඉන්ද්‍රාරාමයේ ක්ෂීර පායාස දුරුතු පින්කම මෙවරත්

මාතර මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ වාර්ෂික ක්ෂීර පායාස බුද්ධ පුජා පින්කම දෙසැම්බර් 31 සිට ජනවාරි 11 වනදා දක්වා 79 වන වරටත් පැවැත්වේ.

31 වනදා සර්ව රාත්‍රික පිරිත් දේශනාව ද, ජනවාරි 1 වනදා සවස සූවිසි පට්ඨාන පූජාවක් ද, 2 වන දා අසූ මහා ශ්‍රාවක පූජාවක් ද , 3 වන දා සත්බුදු වන්දනාව ද, 4 වන දා විශේෂ කංචුක පූජාවක් ද, 5 වනදා කවි දම් දෙසුමක් ද, 6 වන දා අබතෙල් පහන් පූජාවක් ද, 7 වන දා දහම් දෙසුමක් ද, 8 වන දා ඖෂධ පූජාවක් ද, 9 වනදා දුරුතු පෙරහර ද, 10 වන දා තෙසැත්තෑ ඤාණ පූජාව ද, 11 වන දා උදෑසන ක්ෂීරපායාස බුද්ධ පූජාව ද, පොහෝ දින වැඩ සටහනක් ද පැවැත්වීමට මාලිම්බඩ යසස්සී නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත.