Print this Article


දුටුගැමුණු රාජ මහා විහාරයේ දී ගණේගම නාහිමි සමරා පින්කම් රැසක්

දුටුගැමුණු රාජ මහා විහාරයේ දී ගණේගම නාහිමි සමරා පින්කම් රැසක්

ඓතිහාසික හැඩිදෙමළකන්ද දුටුගැමුණු රාජමහා විහාරාධිපති ව වැඩ විසූ ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ගනේගම ශ්‍රී සරණංකර නාහිමියන් අපවත් වී දෙසැම්බර් 29 වන දිනට වසර 30 ක් සපිරේ.

උන්වහන්සේ ජාතික, ආගමික , අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රබෝධය සඳහා සුවිසල් මෙහෙවරක් ඉටුකළ සංඝ පීතෘවරයන් වහන්සේ නමක් වේ. ඓතිහාසික වටිනාකමින් යුත් හැඩිදෙමළකන්ද දුටුගැමුණු රාජමහා විහාරය හා ගා/ශ්‍රී රතනසාර විද්‍යායතන පිරිවෙණ ආදි ආයතන රැසක නිර්මාතෘවරයන් වහන්සේ වෙති.

පැවිදි හා ගිහි සැමගේ ගුණ සැමරීම පිණිසත්, රටවාසීන්ට සෙත් පැතීමත් ඇතුළු අරමුණු රැසක් සහිතව පින්කම් මාලාවක් දුටුගැමුණු රජමහා විහාරයේ දී පැවැත්වේ.

25 වනදා පස්වරු 4.00-5.00 ගුණානුස්මරණ ධර්මානුශාසනාව 26 වනදා රාත්‍රි සත්වේලේ පිරිත් දේශනාව සමාරම්භය ද 29 දින පස්වරු 3.00 දේවදූත පෙරහර ද රාත්‍රී 9.00 ට දොරකඩ අස්න හා අනුශාසනා දේශනයද 30 දින උදෑසන 5.00 ට පිරිත් දේශනාවසානය පිරිත් පැන් , පිරිත් නූල් දී නව වසරට ආශිර්වාද කිරීම ද, දවල් සියක් නමක් විෂයෙහි මහා සාංඝික දානය හා පින් අනුමෝදන් කිරීම ද සිදු කෙරෙන බව දුටුගැමුණු රජමහා විහාරාධිපති වැලිවිටියේ සුමන නා හිමියෝ පවසති.