Print this Article


බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලීය මහ පිරිවෙන් විහාරස්ථානය, වේරවත්ත ශ්‍රී විජයාරාමය, නල්ලුරුව නිග්‍රෝධාරාමය යන විහාරත්‍රයාධිපති, කළුතර දිසාවේ උප ප්‍රධාන සංඝනායක පානදුරේ විජිතනන්ද නාහිමියන්ගේ 54 වන ජන්ම දිනය නිමිත්තෙන් ගැබිනි මව්වරු 54 දෙනෙකු වෙත පෝෂණ මලු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් බෙදාදීම පසුගියදා සිදු කෙරිණි. පානදුර මහ බැංකු මිත්‍රත්ව සංසදයේ හා සීල භාවනා සංවිධානයේ සභාපති ගුණසිරි අකුරුගොඩ මහතා ඇතුළු කාර්යමණ්ඩල විසින් සංවිධානය කළ එම පින්කමේ දී මහ සඟරුවන සහ ගිහි භවතුන් විසින් ගැබිනි මව්වරුන් වෙත එම ද්‍රව්‍ය පිරිනැමූහ. පානදුර විජිතනන්ද නාහිමියන්ගේ හිතමිත්‍ර වියට්නාම හිමිනමක් විසින් ගැබිනි මවකට ද්‍රව්‍ය පිරිනැමූ අවස්ථාව මෙහි දැක්වේ.