Print this Article


හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි 110 වෙනි ජන්ම සමරුවට පින්කම්

හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි 110 වෙනි ජන්ම සමරුවට පින්කම්

අපවත්වී වදාළ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක ධුරන්දර ව වැඩ විසූ හේන්පිටගෙදර ඤාණසීහ නාහිමිපාණන් වහන්සේගේ 110 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ ධර්ම දේශනාමය පින්කමක් පැවැත්වේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උප ලේඛකාධිකාරී නැදගමුවේ විජයමෛත්‍රී හිමිපාණන් විසින් දෙසැම්බර් 18 වැනිදා පස්වරු 07.00 ට රත්නපුර, මුද්දුව, ශ්‍රී සුමන මහ පිරිවෙන් විහාරස්ථානයේ දී එම ධර්ම දේශනය පවත්වනු ලැබේ. විහාරාධිපති, මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී බුළුගහපිටියේ සුමංගල හිමියන් ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව පින්කම සංවිධානය කර ඇත.