Print this Article


ඉතිහාසය නැවත කියවිය යුතුව තිබේ

ඉතිහාසය නැවත කියවිය යුතුව තිබේ

මෙහි මුල් කොටස උඳුවප් පුර පසළොස්වක පෝදා (11) පත්‍රයේ පළ විය.

ජනාධිපතිවරු, අගමැතිවරුන් හෝ දේශපාලන නායකයන් විශේෂයෙන් වර්ණනා කිරීමට අපට අවශ්‍ය නැහැ. ඒ අයගේ යම් අඩුපාඩුවක් තිබෙනවානම් මහා සංඝයා හැටියට අප ඒවා පෙන්වා දිය යුතුයි. නමුත් ඒ අයගෙන් බුද්ධ ශාසනයට,රටට, ජාතියට, රැකවරණයක් ලැබෙන විට එය මධ්‍යස්ථ වශයෙන් අගය කිරීම අප විසින් සිදු කළ යුතු දෙයක්. අතීතයේ සිට මහා සංඝයා වහන්සේ එවැනි දේ සිදුකර තිබෙනවා.

එමෙන්ම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ද්‍රෝණයක් සර්වඥධාතුන් වහන්සේ නිදන් කර තිබෙන ඒ උතුම් රුවන්වැලි මහා සෑ රජුන් අභියස දී වත්මන් ජනාධිපතිතුමා දිවුරුම් දීම මෑත ඉතිහාසයේ රාජ්‍ය නායකයෙක් ප්‍රථම වරට සිදුකළ දෙයක්. පෙර රජ දවස මෙවැනි දේ සිදුවුණා.

ඒ නිසා මෙයින් ගම්‍යවන ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා.

තමා තුළ බුද්ධ රත්නයට, ධම්ම රත්නයට. සංඝරත්නයට තිබෙන අවංක ශ්‍රද්ධාව, ඒ සඳහා ඍජු මතයක සිට කටයුතු කිරීම, ඒ නිසාම එතුමාට සිංහල බෞද්ධයන්ගේ මෙතරම් ම ප්‍රසාදයක් හිමිවූ බව අප විශ්වාස කරනවා.

එමෙන්ම මේ තුළින් ගැමුණු රජුගේ චින්තනය නිරූපණය වෙනවා. ඒ කුමක්ද? “තමාට ඡන්දය දුන් නොදුන් මේ රටේ ජීවත්වන බෞද්ධයන් ඇතුළු සියලු ආගමිකයන්ට පොදුවේ සලකනවා” යන මතය.

ඒ වගේම රුවන්වැලි සෑය යනු මේ විශ්වයේ කේන්ද්‍රීය ස්ථානයක්. මේ ස්ථානයේ සිට ඉහළින් තව්තිසාවේ තිබෙන සිළුමිණ සෑයත් ඊටත් ඉහළින් බ්‍රහ්මලෝකයේ තිබෙන සළුමිණ සෑයත් පිහිටා තිබෙනවා. සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන්නට දිවුරුම් දෙන්නට තියෙන හොඳම භූමිය මේ ස්ථානයයි.

මේ සියලු කරුණු පරිනත දූරදර්ශී ඤාණයකින් යුතුව කල්පනා කර බලා ජනාධිපතිතුමා විසින් තම කටයුතු ආරම්භ කිරීම පිළිබඳ විශේෂයෙන් අගය කළ යුතුයි.

මෙය දේශපාලන වශයෙන්, කරන්නා වු විග්‍රහයක් නොවෙයි. ආගමික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් කරන විග්‍රහයක් බැවින්, කිසිවකුත් මේ පිළිබඳව සිත් අමනාපකම් ඇතිකර ගත යුතු නැහැ. ඕනෑම පුද්ගලයෙක්, පාක්ෂිකයෙක් මෙවැනි චින්තනයක ගමන් කරනවා නම් ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් අගතියට නොගොස් එය අගය කරන බවත් සඳහන් කළ යුතුයි.

තුනුරුවන් සරණින් දෙව් රැකවරණින් අපේ වර්තමාන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ,රටේ ඒකීයභාවය, ජාතියේ ආරක්ෂාව සැලසී රට සමෘද්ධිමත් කිරීමටත්, සියලු ශ්‍රී ලාංකිකයන්ට එක මවකගේ දරුවෝ ලෙස කටයුතු කරන්නටත් ධෛර්යය ශක්තිය ලැබේවා . අප හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව උදාවේවා.