Print this Article


පාලි පාඩම - 26 - කොටස

26 - කොටස

චතුත්ථි විභක්තිය (දෙවන කොටස)

චතුත්ථි විභක්තිය යනු සතර වන විභක්තිය වන බව අපි දනිමු. අපි යමක් පූජාකරන විට ඒ දේ ලබන තැනැත්තා වතුත්ථි විභක්තියෙන් තබයි. යමෙකුට යමක් දෙයි ද ඒ දෙන දේ ලබාගන්නා තැනැත්තා ද චතුත්ථි විභක්තියෙන් තබයි. ආශිර්වාද කිරීමේ දී ද අප යොදාගන්නේ චතුත්ථි විභක්තියයි.