Print this Article


පාඨක අදහස් : පූජ්‍ය පක්ෂයේ අසුන ඉඩ දෙන්න

තිස්සමහාරාමයේ අටේ කොළණිය රන්මිණි තැන්න චිත්තවිසුද්ධි විහාරයේ නාවල කොස්වත්තේ විමලබුද්ධි හිමියන් 2019 දෙසැම්බර් 02 වනදා පෙරවරුවේ දී රු. 25 ක ටිකට් පතක් මිලදී ගෙන රාගම සිට කොළඹ බලා පැමිණි දුම්රියකට ගොඩ වූ අතර එහි පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කර ඇති අසුන උන්වහන්සේට ලබා නොදුන් බව කියයි.

උන්වහන්සේ වකුගඩුවක් ද දන් දී ඇති අතර බස්රියෙහි මෙන්ම දුම්රියෙහි ද පූජ්‍ය පක්ෂය සඳහා වෙන්කර ඇති අසුන පූජ්‍ය පක්ෂය වෙත ලබාදීමට මගී ජනතාව දැනුම්වත්ව සිටිය යුතු යැයි ඒ හිමියෝ කියති.