Print this Article


ශාන්ති පදනමේ රතන සූත්‍ර දේශනා වාර්ෂික පින්කම් මාලාව 23 දා ඇරැඹේ

ශාන්ති පදනමේ රතන සූත්‍ර දේශනා වාර්ෂික පින්කම් මාලාව 23 දා ඇරැඹේ

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය (ශාන්ති පදනම) මඟින් වාර්ෂිකව සිදු කරනු ලබන රතන සූත්‍ර දේශනාව හා බෝධි පූජා පින්කම් මාලාව දෙසැම්බර් 23 දා සිට ජනවාරි 01 දා අලුයම දක්වා පැය 24 පුරා පැවැත්වේ. දෙසැම්බර් 23 සිට සෑම දිනක ම සවස 6.00 ට බෝධි පුජා පින්කම් මාලාවක් ද 2020 ජනවාරි 01 දා උදේ 6.00 ට ආශීර්වාද බෝධි පුජාව සහ සෙත් පිරිත් දේශනාව පවත්වා, පිරිත් පැන්, පිරිත් නූල් බෙදා දීමට කටයුතු යොදා තිබේ. රතන සූත්‍ර දේශනාවෙන් පිරිත් කර ගැනීමට බලාපොරොත්තුවන තෙල්, බෙහෙත්, ආදිය වේ නම් දෙසැම්බර් 20 දා සිට ඒවා භාර ගන්නා බව ද ශාන්ති පදනම දන්වා සිටී.