Print this Article


කොටහේන පරමානන්ද විහාරයේ සති පිරිත් දේශනාව

කොටහේන පරමානන්ද විහාරයේ සති පිරිත් දේශනාව

කොළඹ 13 කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරයේ දී වාර්ෂික සති පිරිත් පින්කම හා ධර්ම දේශනා මාලාව දෙසැම්බර් 1 වන දා ආරම්භ වූ අතර මෙම මස 16 වන දා දක්වා එය පැවැත්වේ.

විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ එල්ලාවල ශ්‍රී කල්‍යාණවංශ නා හිමි 27 වන ගුණ සමරුව සහ නිල්වක්කේ සුගතවංශ නාහිමි පස්වන ගුණ සමරුව සහ අපවත් වී වදාළ ආදි කර්තෘන් වහන්සේලා ප්‍රධාන මිය ගිය දායක කාරකාදීන් ද සිහිපත් කර පින්දීමේ පින්කම් මාලාවට අනුව 1 වන දා සිට දිනපතා 07 වන දා දක්වා දහම් දෙසුම් පැවැති අතර 9 වන දා ආරම්භ කරන ලද සති පිරිත් දේශනාවේ දොරකඩ අස්න හා අනුශාසනා අස්න දේශනාව මෙම 15 වන දා රාත්‍රියේ දී පැවැත්වේ.