Print this Article


ත්‍රිිපිටක දහම-17: නිරෝධය සහ නිරෝධ සත්‍ය

ත්‍රිපිටක දහම-17:

නිරෝධය සහ නිරෝධ සත්‍ය

අප පසුගිය දේශනාව තුළ සමුදය සහ සමුදය සත්‍ය පිළිබඳව සාකච්ඡාවට භාජනය කළා. අද සඳහන් කරන්නේ නිරෝධය සහ නිරෝධය සත්‍ය පිළිබඳව යි.

නිරෝධය යනුවෙන් සඳහන් කරද්දී සියලුම නිරෝධයන් නිරෝධය වුණාට නිරෝධ සත්‍ය බවට පත් වන්නේ නැහැ. නිරෝධ සත්‍ය නිරෝධයත් , නිරෝධ සත්‍යයත් වෙයි. ඒ නිසා අප නිරෝධය සහ නිරෝධය සත්‍ය පිළිබඳව තේරුම් ගෙන සිටීම වැදගත් වෙයි. කුමක්ද? නිරෝධය පිළිබඳව අවබෝධයක් නැතිනම්, නිරෝධ සත්‍ය පිළිබඳව අවබෝධ කරනවා යන කාරණය සිද්ධ නොවන දෙයක්. ඒ නිසා අප නිරෝධය සහ නිරෝධය සත්‍ය පිළිබඳව තේරුම් ගෙන සිටීම වැදගත් වෙනවා. අපට බුදුරජාණන් වහන්සේ නිරෝධය පිළිබඳ ව දේශනා කළ අවස්ථා බොහොමයක් ත්‍රිපිටකය තුළ දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ අතර බොහොමයක් නිරෝධය පිළිබඳව ප්‍රධාන වශයෙන් ම දැක්වෙන්නේ නිවන ඉලක්ක කරගෙන දේශනා කළ ආකාරය යි. එනම්, නිවන හැඳින්වීම පිණිස භාවිත වුණ වදනක් හැටියට. අප සාමාන්‍යයෙන් ‘මොක්ඛො නිරොධෝ ඛො නිබ්බාණං’ යනුවෙන්. එවිට ඒ මෝක්ෂය ,නිරෝධය ආදී නිවනට කියන පර්යාය නාමයන් ලෙසින්. එසේම ‘විරාගාය නිරෝධාය’ ආදී විරාගය පිණිස, නොඇලීම පිණිස නිරෝධය කියන තැන බොහෝ වේලාවට අපට, සූත්‍රවල දකින්නට පුළුවන්කම තියෙනවා, එවිට ‘රාගස්ස නිරෝධො දොසක්ඛො නිරොධෝ දෝසස්ස නිරොධෝ යනුවෙන් අපට රාග, ද්වේශ, මෝහයන්ගේ නිරෝධය කියන දෙය ද දකින්නට පුළුවන්කම තියෙනවා.

එසේම ස්කන්ධයන්ගේ නිරෝධය යනුවෙන් අපට නොයෙක් අවස්ථාවල දකින්නට පුළුවන්කම තියෙනවා. මේ සෑම තැනකම බහුතර ප්‍රදේශයක දී නිරෝධය යන වචනය ආවරණය වන්නේ නිවන කියන කාරණාව යි. නමුත් නිරෝධය යන වචනයට හටගත් ධර්මයන්ගේ ඉතිරි නැතිව නිරුද්ධ වන ස්වභාවය පිළිබඳවත්, විග්‍රහ වන ආකාරය අපට දකින්නට පුළුවන්කම තියෙනවා.

විශේෂයෙන් ම සංයුක්ත නිකායේ භූත සූත්‍රය ආශ්‍රයෙන් ගත් විට, කරුණු විමසීමක් කළොත් අපට ඒ පිළිබඳව යම් පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. භූත සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේගෙන් විමසනවා, ‘භූත නිගන්ති සාරිපුත්ත පස්සති’ සාරිපුත්‍රය මේ භූතයා යි දකිනවා ද? භූත වචනයෙන් හඳුන්වන්නේ පංච ස්කන්ධ ධර්මයන්. ස්කන්ධ ධර්මතා පහ භූතය කියන වචනයෙන් හඳුන්වනවා. එවිට මේ භූත කියන වචනයෙන් කියන්නේ වූ දෙය යි. මෙතන භූත කියන්නේ හටගත්ත දේ යි. නැතිනම්, වූ දෙය යි. නැතිනම් තියන යථාර්ථමය වශයෙන් පවතින ස්වභාවය යි. ඇත්තම පිරිසුදු ස්වභාවය හැඳින්වූවාට ගැටලුවක් නැහැ. එවිට භූතය කියන දෙය දකිනවාද යනුවෙන් අසා මේ භූතය යැ’යි දැනගෙන ‘භූත මිදංති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නො හෝති’ එවිට භූතය මේ ටිකයි යනුවෙන් දැනගන්නේ මේ ස්කන්ධ ධර්මතාවයන්ගේ නොඇලීම පිණිස , විරාගය පිණිස, නිරෝධය පිණිස, ‘පටිපන්නො හොති’ පිළිපන්නේ වෙයි.

එවිට විඳින්න විරාගයට පත් වන්නට නොඇලීම පිණිස, එසේම නිරෝධයට පත් කිරීම පිණිස පිළිපන්නේ වෙයි, යනුවෙන් සඳහන් කරනවා. එවිට ස්කන්ධ ධර්මතාවයන්ගේ නිරෝධය පිණිස , ස්කන්ධ ධර්මතාවයන් නැති කරන්න , සරලව ම වචනය භාවිත කළොත්, අපට කියන්නට පුළුවන්. උත්සාහවත් වෙනවා කියනවා නිවන් දකින්නට හොඳම කෙනා. එවිට ඒ පිළිබඳව නැවත විග්‍රහ කරනවා, කොයි විදිහට ද අප ඒ නිරෝධය පිණිස බලන කෙනා, විරාගය පිණිස, නොඇලීම පිණිස බලන කෙනා මනසිකාරය පවත්වන්නේ යනුවෙන් නැවත විග්‍රහ කරනවා.