Print this Article


සදහම් අරණ

මව්පිය ගුණ

දස මාසයක් මගේ බර කුස දරාගෙන
ලේ කිරි කර මා හට පොවාමින
මා දැඩි කෙරුව නෙතු යුග නිදි මරාගෙන
අම්මේ ඔබයි මා දැක ඇති මරාමිණ

ඉපදුණ දිනේ සිට රැකවරණය දුන්න
අපමණ දුක් වින්ද මා ලොකු කරගන්න
කැපවුණ පියාණෙනි විඳි දුක්ගින්න
කිසිදින බැහැ මට අමතක කරන්න

****

රුවන්වැලි මහාසෑය

ක්‍රි.පූ. 161-137 දී පමණ දුටුගැමුණු මහ රජතුමා විසින් ද්‍රෝණයක් සර්වඥධාතුන් වහන්සේ නිධන් කොට තනන ලද මේ චෛත්‍යය රාජයාණන් වහන්සේ අනෙක් චෙත්‍යයන් අතරින් අග්‍රස්ථානය ගනී. මහාථූපය, ස්වර්ණමාලි, රත්නමාලි,හේමමාලි, රුවන්වැලි ආදී නම් වලින් ද මෙම ස්ථූපය හැඳින්වෙයි. රුවන්මැලි මහා සෑයේ වැඩ අවසාන කිරීමට නොහැකි වූ නිසා දුටුගැමුණු රජුගේ සොහොයුරා වූ සද්ධාතිස්ස කුමරු මෙය කරවා ඇති බව මහා වංශයේ සඳහන් වෙයි. අපේ ඓතිහාසික පූජා ස්ථානයක් වන ස්වර්ණමාලී සෑරදුන් රැකගැනීම අපගේ යුතුකමකි.

****

මගේ දහම් පාසල

මගේ දහම් පාසලේ නම ශ්‍රී මහින්ද දහම් පාසලයි. ලොකු, පොඩි අපි සියලුම දෙනා එකමුතුව ගුරු මව්පියවරුන්ගේ සෙවණේ හැදී වැඩෙමු. අප දහම් පාසලෙන් අපට හොඳ ගතිගුණ යහපත් පුරුදු කියාදෙයි. බුදු දහම කෙරෙහි අපගේ සිත නැඹුරු කරයි. සාරධර්ම පිරි සමාජයක් ඇති කිරීමට වෙර දරන මගේ දහම් පාසල තව තවත් දියුණු වේවා.

****

බොදු දරුවෝ

වට්ටියකට මල් නෙළලා හැඩකර මින්නේ
දහම් බිමට අප යන්නේ සැදැහැ සිතින්නේ
සතුටු සිතින් මව්පිය පා හැම නම දින්නේ
දැනුම වඩා පින් රැස්කර ගැනුමට යන්නේ

සතියක පළමු වැනි දවසේ ඉරු දිනයයි මේ
සුදෝ සුදු වතින් සැරසුණ ඉරු දිනයයි මේ
දුසිරිත් දුරැර සුසිරිත් පුරනා ඉරු දිනයයි මේ
අපි සැම දම් පාසල් යන ඉරු දිනයයි මේ

****

රත්නමාලි මහා සෑරද

රට දැය බුදු සමය රැකුමට ගත් වෙහෙස
සතුරු බලමුළු ව පලවා හැරි විගස
අනුරපුරට පෑයු පුන් සඳ විලස
මහ රජ ගැමුණු මහ සෑ නැඟුවා මෙලෙස

බුදු මඟ සුරකින්න එක්සත් කළා රට
බුදු පහසින් නිමල ව ඇති පින් බිම ට
ජය සංකේතයකි සසුනෙහි පැවතුම ට
මහ සෑරදුන් මිණි කිරුළකි සිරිලක ට

****

සතුන්ට කරුණාව දක්වමු

මිනිසා මෙන් සතුන් ද මරණයට බයයි. සමහර පිරිස් සතුන්ට බොහෝ හිංසා කරති. ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය ද උදුරා ගනිති. සතුන් අහිංසකයි. කතා කළ නොහැකියි. ඒ නිසා ඇතිවන වේදනාව, පිපාසය අපට ප්‍රකාශ කළ නොහැකි නිසා ඔවුන් බොහෝ විට බඩගින්න කියා පාන්නේ කෑගැසීමෙනි. නැතහොත් කෑ ගසන්නේ තුවාල වූ විට ය. අපි සතුනට සැමදා ආහාර දෙමු. ඔවුන් සුවපත් කරමු.

****

ආනන්ද තෙරුන් වහන්සේ

ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක මෙන් ම, ධර්ම භාණ්ඩාගාරික වූයේ ද අපගේ ආනන්ද තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය මැනවින් දරාගෙන වැඩ සිටි සේක. පළමු ධර්ම සංගායනාව පවත්වන දිනය තෙක් උන්වහන්සේ රහත්ඵලයට පත් වී නොතිබුණි. නමුත් පළමු ධර්ම සංගායනා දිනට පෙර දිනයේ උන්වහන්සේ උතුම් රහත් ඵලය අවබෝධ කළ සේක.

****

බුදුරුවගල බුදු සමිඳු

සමිඳුගේ කරුණා ගුණයයි
දයා සෙනේ පිරුණු හදයි
බුදුරුවගල මහ වනපෙත
බුදු සිරිපා පහස ලබයි

පිපි වන මල් සුවඳ හමයි
මී මැසි පොදි නාද මවයි
නොසැලී මහ තේජ බවින්
සේල මතෙහි මුනිඳු හිදී

වැහි දිය නැතිදාක වුවත්
මහ වැසි වසිනා දිනකත්
අටලෝ දහමින් නොසැ ලී
බුදුරුවගල ගල මුනිඳු වැඩහිදී

****

ප්‍රාණඝාතය

සියලු ජීවියෝ ජීවත්වීමට කැමැති ය. මරණයට අකැමැති ය. දඬු මුගුරු, අවි ආයුධ වලට හිංසනයට, පීඩාවට ද බිය ය. එමෙන්ම, සතෙකු ඝාතනය කිරීම හෙවත් ප්‍රාණඝාතය කිරීම මෙලොව, පරලොව දෙලොවට ම දුක් ගෙන දෙයි. මනුෂ්‍යයෙකුගේ හෝ තිරිසන් සතෙකුගේ හෝ ඇසට පෙනෙන, නොපෙනෙන සෑම ජීවියෙකුගේ ම ජීවිතය ස්වභාව ධර්මය අනුව පවත්නා තාක් පැවැත්මට නො දීම ප්‍රාණ ඝාතයයි. වෙඩි තැබීම, බිය ගැන්වීම වැනි යම්කිසි උපක්‍රමයකින් තමා විසින් හෝ අනුන්ලවා හෝ නැතිකිරීම හෙවත් සතෙකු මැරීම හා මැරීමට අනුබල දීම ද ප්‍රාණඝාතයට අයත්වේ. සතෙකුගේ ප්‍රාණය නිරුද්ධ කළොත් එයින් මෙම ශික්ෂාපදය බිඳේ. ප්‍රාණඝාතය විරමණ ශික්ෂා පදය නිසා මනුෂ්‍යයන්ගේ ද සියලු ජීවින්ගේ ද ජීවිත සුරක්ෂිත වන අතර, මෙම ශික්ෂා පදය ද සුරැකේ.

****

පොඩි හාමුදුරුවො ගෙදර වැඩියදා

මවගේ දෙපා ළඟ එදා වැටුණ මා
මගේ දෙපා මුල මෙදා වැටෙන විට
කඳුළු කහවතේ වසංවෙලා
අම්මේ...
දෙතොලින් හසරැල්
මුවගේ සතුටින්
දහඩිය කඳුලැල්
නිමාවෙලා දෝ කතා කළේ
පියාණෙනි
නුඹලා බුදු වදනින් සනසාලා
වඩින නිවන් මග පෑදිලා
සසර පුරා යන ගමනින්
එතෙර වෙමු අප සැම දෙන

****

අපි පන්සල් යමු

****

පෙරහර