Print this Article


ථූපාභි වන්දනාවක්

ථූපාභි වන්දනාවක්

සේරුවාවිල දී, කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ආශිර්වාදයෙන් බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාම විහාරාධිවාසී කොබවක ධම්මසීවලී හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම මස 23 වෙනි දින දවස පුරා ඓතිහාසික සේරුවාවිල ශ්‍රී මංගල රජමහා විහාරස්ථ චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස දී පින්කම් මාලාවක් පැවැත්වේ.

සිල් සමාදන් කරවීම, පාත්‍ර 500 කිරිපිඬු බුද්ධ පූජාව, දවල් ව්‍යාංජන 32 විශේෂ ආහාර බුද්ධ පූජාව, සවස 6.00ට අෂ්ඨපාන පූජාව, විශේෂ සුවඳ දුම් පූජාව, කංචුක පූජාව, රාත්‍රී 7.00 ථූපාභි වන්දනාව හා සෙත් පිරිත් දේශනාවක් ඊට ඇතුළත් වේ.