Print this Article


නැදගමුවේ සෝම හිමි ජන්ම සමරුවදා පින්කම්

නැදගමුවේ සෝම හිමි ජන්ම සමරුවදා පින්කම්

රද්දොළුව ශ්‍රී සුබෝධාරාමවාසී නැදගමුවේ සෝම හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේ දී ඉකුත් දා (08) විශේෂ අට විසි බුද්ධ පූජා පින්කමක් පැවැත්විණි.

1996 නොවැම්බර් 8 වන දා සුසන්ත පීරිස් සහ සුසිලා රංජනී දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස නැදගමුවේ දී උපත ලද සෝම හිමියන් මූලික පාසල් අධ්‍යාපනයෙන් පසු 2005 නොවැම්බර් 6 වන දා රද්දොළුව ශ්‍රී සුබෝධාරාමාධිපති රද්දොළුවේ විමලවංශ අනු නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස සුබෝධාරාමයේ දී පැවිදි බිමට පත් විය. රද්දොළුව ශ්‍රී ධර්මානන්ද මූලික පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ සෝම හිමියෝ, ගම්පහ පහළගම විද්‍යාරවින්ද මහ පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලැබූහ. කැලණිය, මානෙල්වත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයෙහි අධ්‍යාපනයෙහි නියුතු සෝම හිමියෝ 2016 දී අධි සිල් ලැබූහ. දැනට ශ්‍රී ධර්මානන්ද මූලික පිරිවෙනෙහි ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සෝම හිමියෝ ප්‍රදේශයේ ආගමික, සාමාජික කරුණු කෙරෙහි ද සිය කාලය කැප කර සිටීම ප්‍රදේශවාසීන්ට මහත් සැනසිල්ලට හේතුවක් වී ඇත.