Print this Article


සදහම් අරණ

සිරි දළදා පෙරහර

ඇසළ පොහොය ළං වීමත් සමඟ ලක්වාසී බෞද්ධ ජනයාගේ සිතට නැගෙන්නේ මහනුවර සිරි දළදා පෙරහර පිළිබඳව ය. මෙම පෙරහර මංගල්‍යය සෑම වසරක් පාසාම පැවැත්වීම පාරම්පරික ව සිදු වෙමින් පැවතගෙන එන කාර්යයකි. පෙරහර ආරම්භයට පෙර කප් සිටුවීම සිදු කරන අතර, පසුව සතර දේවාල පෙරහර අවසන් වූ පසු මහ පෙරහර හෙවත් දළදා පෙරහර වීදි සංචාරය කරයි.

උඩරට, පහතරට හා සබරගමු යන සම්ප්‍රදායික නර්තන අංග ද ඉදිරිපත් කරන අතර, එම ශිල්පීන් තම දක්ෂතා ඉදිරිපත් කරන්නේ මහත් හරසරින් යුතුව ය. මෙම ශිල්පීන් පෙළපතකින් ආ පාරම්පරික කලා ශිල්පීන් වේ.

පෙරහර වඩාත් අලංකෘත වී ඇත්තේ නර්තන අංග වලින් ය. එහි දී වෙස් නැටුම්, තෙල්මෙ නැටුම් පෙරහර තුළ මවන්නේ විශ්මය ජනක රටාවකි. මෙම ශිල්පීන් මේ ආකාරයෙන් පෙරහර මංගල්‍යයට එක් වන්නේ දළදා වහන්සේට ඇති අපමණ ගෞරවය නිසාවෙනි. පෙරහර අවසානයේ දී සියලුම ශිල්පීන්හට බත බුලතින් සංග්‍රහ කරන අතර, දිය කැපීමේ මංගල්‍යයෙන් පෙරහර අවසාන කරයි.

සිංහල බෞද්ධයන්ගේ වන්දනීය වූ දළදා වහන්සේ උදෙසා පවත්වනු ලබන මහනුවර සිරි දළදා ඇසළ පෙරහර ලාංකිකයන්ට ගෙන එන්නේ අපූර්ව වූ අභිමානයකි.

****

සාමණේර හිමියනි...

සුවඳැති මල් දෝතට ගෙන
විහාරයට පා තැබුවෙ
දෑගිලි බැඳ සාධු කියා
සසර එතෙර වන්න ද පැතුවේ

කුසුම් සුවඳ බුදු කුටියෙදි
මව්කිරි සුවඳ දැනුණාද
විහාරයේ තනියෙන් සිටිනා විටදී
මෑණියන් සිහියට නැඟුණා ද

ගම් පියසෙදි ක්‍රීඩා කළ සැටි
තවමත් මතකේ තියේද
සන්සුන් ගමනින් හැමතැන වැඩියට
මිතුරන්ගේ හඬ රැව් නැගේද

****

අපේ දහම් පාසල

සිලි සිලි සුළඟේ ළෙලදෙන බෝපත්
සදහම් ගී පද මුමුණන කවදත්
පන්සල් සෙවණේ සිසිලස තෙදවත්
සිසුනගෙ එකලු කරයි මුදු හදවත්

නැණ ගුණ බලයෙන් පිරිපුන් හරවත්
සුවඳැති රුව ඇති මල්මෙන් පිබිදෙත්
පුංචි ළමා කැළ තම දිවි ඇතිතෙක්
දහමට නැඹුරුව සකසයි දිවි පෙත්

****

අනගාරික ධර්මපාලතුමා

1864 වර්ෂයේ කොළඹ දී උපත ලැබූ මෙතුමාගේ මුල් නාමය දොන් ඩේවිඩ් හේවාවිතාරණ යි. ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇත.

මෙතුමා හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගෙන් විද්‍යෝදය පිරිවෙණේ දී පාලි හා ත්‍රිපිටකය උගත්තේ ය. පසු කලෙක මෙතුමා ඕල්කට්තුමාගේ ඇසුර හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ ඇසුරෙන් පානදුරාවාදයට සහභාගී විය. ඕල්කට්තුමා සමඟ දඹදිව වන්දනා කිරීමට ගිය අවස්ථාවේ බුද්ධගයාවට හින්දුන්ගෙන් එල්ල වී ඇති බලපෑම දුටු මෙතුමා කළකිරුණේ ය.

එවකට බුද්ධගයාව අත්කරගෙන සිටි මහන්තා නම් හින්දු පූජකයාට එරෙහි ව නඩු පැවරූ අතර 1896 දී මෙතුමාට ජය ලැබුණි. ඉන්පසු මෙතුමා බෞද්ධයන්ගේ වටිනාම උත්සවයක් වන වෙසක් උත්සවය එහිදී ප්‍රථම වරට පැවැත්වී ය. එසේම 1892 දී පැවැති ලෝක ආගම් පිළිබඳ සම්මේලනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ථෙරවාදී බුදු දහම ලෝකයාට හඳුන්වා දීමේ කතාව සිදු කළේ ද මෙතුමා විසිනි.

****

විශාඛා උපාසිකාව

භද්ධිය නුවර ධනංජය සිටුතුමාගේ දියණිය විශාඛා කුමරිය යි. ඇය බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අවුරුදු හතේ දී සෝවාන් වුණා. විශාඛා සිටු කුමරියට පියාගෙන් ලැබුණු ඉතා වටිනා ආභරණයක් තිබුණා. ඒ රන් සහ මැණික්වලින් සෑදූ මේඝ පළඳනාව යි. ඇය එයින් පන්සලක් සාදා පූජා කළා. ඒ පූර්වාරාමයයි. එය මිගාර මාතු ප්‍රාසාදය නමින් ද හඳුන්වයි.

****

බුද්ධත්වය

****

බුදු සමිඳු