[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

චීවරඛන්ධකය ඇසුරෙන් සිවුරේ වගතුග

සංස්කරණය – කඩදොරපිටියේ සුමන හිමි
ප්‍රකාශකයෝ - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රවේදී කඩදොරපිටියේ සුමන හිමියන් විසින් සංස්කරණය කරන ලද චීවරඛන්ධකය ඇසුරෙන් සිවුරේ වගතුග ග්‍රන්ථය පරිච්ඡේද ගණනාවක් ඔස්සේ ඔබ අතට පත්වේ.

අදවනවිට සිවුර කැපීම, මැසීම, ගිහියන්ගේ ජීවනෝපායකි. පන්සලෙන්ද එය ගිලිහී ගොස් ඇත. එනිසා ගිලිහි ගිය අයිතිය නැවත පන්සල වෙත සමීප කිරීම මෙම ග්‍රන්ථයේ මූලික අරමුණ බව ඒ හිමියෝ පවසති. පැවිදි උපසම්පදාවේ ආරම්භය, සිවුරු මැසීම හා සිවුරු කැපීම පිළිබඳ විස්තර, අටපිරිකර පහළවීම හා එහි අන්තර්ගතය ආදී විවිධ මාතෘකා ඔස්සේ මෙම ග්‍රන්ථය සංස්කරණය කර ඇත.

****

ශ්‍රී ප්‍රඥාලෝක ප්‍රශා !!!

සංස්කාරකවරු - ඕකන්දයායේ චන්දාලෝක හිමි , රද්දැල්ලේ නන්දවිමිල හිමි, ආචාර්ය සී.ඩී. එච්.එම්. පේ‍්‍රමරත්න
ප්‍රකාශනය – ශී‍්‍ර පඤ්ඤාලෝක ප්‍රකාශන

අපවත් වී වදාළ අතිපූජ්‍ය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනු නා හිමියන්ගේ 25 වන ගුණ සමරුව වෙනුවෙන් කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරස්ථ ශ්‍රී පඤ්ඤාලෝක ධර්ම නිකේතන පිරිවෙණෙන් මෙම ශාස්ත්‍රීය සංග්‍රහය නිකුත්කර කර ඇත. කොටස් තුනකින් සමන්විත මෙම කෘතියෙහි 1 වන කොටස මහ නා හිමිවරුන්ගේ පණිවුඩ සඳහාද, 2 වන කොටස රද්දැල්ලේ අනු නාහිමි ගුණ සමරු ගද්‍ය පද්‍ය ලිපි සඳහාද 3 වන කොටස විශ්ව විද්‍යාල මහාචාර්ය, ආචාර්යවරුන් ඇතුªලු විද්වතුන් සැපයු සිංහල, පාලි, සංස්කෘත වාග් විද්‍යා, අධ්‍යාපන විද්‍යා හා ඉතිහාසය ආදී විෂයයන් රැසකට අයත් අගනා ලිපි දාහහතක් ඇතුළත්ව ඇත.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]