Print this Article


ජාතික ගුවන් විදුලියේ ඉල් පෝදා පූජා සදහම් වන්දනාව සජීව විකාශය දඹදිව සාංචි චේතියගිරි විහාරස්ථානයේ සිට

ජාතික ගුවන් විදුලියේ ඉල් පෝදා පූජා සදහම් වන්දනාව සජීව විකාශය දඹදිව සාංචි චේතියගිරි විහාරස්ථානයේ සිට

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වන පෝ දා පූජා සදහම් වන්දනාව සජීව විකාශය මෙවර ගෙන එන්නේ දඹදිව සාංචි චේතියගිරි විහාරස්ථානයේ සිටයි. සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝ නායක, ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි විදිසා සාංචි, බෝපාල් යන ප්‍රදේශවල සහ ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් මෙම ඉල් පෝදා සදහම් වන්දනාවට වැඩසටහන් සිදු කෙරෙන බව සාංචි චේතියගිරි විහාරවාසී බානගල විමලතිස්ස හිමියෝ පවසති.

මෙහිදී නුගගොල්ලේ චන්දරතන හිමියෝ පිරිස අටසිල් හි පිහිටුවීම සිදු කෙරෙති. උදෑසන ධර්ම දේශනය රත්මලානේ පඤ්ඤාජීව හිමියෝ සිදු කරති. දවල් බුද්ධ පූජාව සහ දෑගසවු වන්දනාව මෙහෙයවන්නේ උඩුගම තපස්සි හිමියෝය. පස්වරුවේ ධර්ම දේශනය කථිකාචාර්ය කොන්ගල්ලේ විජිත හිමියෝ පවත්වති. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයේ උපාලි මාරසිංහ සහ භද්‍රජිත් සෞම්‍ය කුමාර ඉල් පෝදා සදහම් වන්දනාව වැඩසටහන ඉදිරිපත් කරති.