Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නිමල් විලා කලමුල්ල කළුතර ලිපිනයේ පදිංචි කළුතර සිරිකුරුස විදුහලේ 2019 අ.පො.ස. උසස් පෙළ හදාරමින් සිටින විනෝද් හසිත දරුවා වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඕ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇතැයි කියති. පරිත්‍යාග ශීලියෙකු වෙතොත් 0711582590 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. ජී.බර්නාඩ් අජන්ත ප්‍රනාන්දු (පියා) නමින් ගිණුම් අංක 039200133002429 මහජන බැංකුව කළුතර ශාඛාවේ ගිණුමක් අරඹා ඇත.

***

මාරවිල , තල්විල පදිංචි වයස අවුරුදු 63 ක් වූ ඩබ්ලිව්. විනිපි‍්‍රඩා පෙරේරා මහත්මිය දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වකුගඩු රෝගියෙකු වන අතර වෛද්‍ය උපදෙස් පරිදි ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇති බව කියයි.

පින් කැමැති පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0777201191/0322254543 (නිහාල් ලිවේරා) ඉහත දුරකථන අංකවලට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ.

***

ජෝ.ඒ. නිශාන්ත හැඳල, වත්තල පදිංචි අයෙක් වන අතර ස්නායු ගත රෝගයකින් පෙළෙන බවත් ඇවිදීමට පවා අපහසු බවත් කියයි. එබැවින් රැකියාව ද අහිමිවී ගිය හෙයින්, එක් දරු පියෙක් වන ඔහුගේ දරුවා ද බාධක මධ්‍යයේ හෝ අ.පො.ස. සා, පෙළ සමත්වී උසස් පෙළ හදාරණ බවත් කියයි. දැනට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්නා අතර ඇවිදීමට අපහසු බැවින් ත්‍රීවිල් රථයකින් යා යුතුව ඇති බවත් කියයි. මසකට විශාල මුදලක් දැරීමට සිදුව ඇති හෙයින් ප්‍රතිකාර කටයුතුවලට පිහිටවන ලෙස ඔහු ඉල්ලීමක් කරයි.

ගිණුම් අංකය ජේ.ඒ.නිශාන්ත .222200236858563 මහජන බැංකුව –වත්තල (0723867972) දුරකථන අංකය වේ.

***

විශ්‍රාමික ගුරු මාතාවකට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් සොයයි. පරිත්‍යාගශීලියකු වේ නම් පහත සඳහන් දුරකතන අංකයට ඉක්මනින් දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ. දුරකථන අංකය 0717413739

***

වකුගඩු දෙකම අක්‍රිය තත්ත්වයේ පසුවන රෝගියෙකු වෛද්‍ය නිර්දේශය අනුව “ඒ හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් අපේක්ෂා කෙරේ. 071 824 7851 දුරකතන අංකයෙන් වැඩි විස්තර දැනගත හැකි බව කියයි.