Print this Article


සදහම් අරණ

මව්පිය උපස්ථානය

එක් භික්ෂුවක් තම වයසක මව්පියන් පිණ්ඩපාතයෙන් පෝෂණය කරන බවට තෙරුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළහ. එහි දී මව්පියන් පෝෂණය කිරීම ඉතා උතුම් ක්‍රියාවක් බව වදාළ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ අතීත කථාවක් ද මෙසේ වදාළ සේක. බෝසතාණන් වහන්සේ එක්තරා ආත්මයක ගිරා ආත්මයක උපත ලැබූහ. රජගහනුවර එක්තරා කෙත් යායක ඒ ගිරා පවුල විසී ය. බෝසත් ගිරවා නායකයා ව තම පිරිස සමඟ කෑම සොයා මගධයේ කෙත් යායට පියාසර කරන්නේ ය. දිනක් බෝසත් ගිරවා මිනිසුන් විසින් අල්ලා ගනු ලැබී ය. “කුමක් සඳහා නුඹ මෙසේ වී කරල් රැගෙන යන්නේ ද?” කියා විමසූහ. “වයසක මව්පියන් ගේ ආහාර පිණිස මෙය රැගෙන යමියි” ගිරවා කීවේ ය. ඔවුන් ඒ ගිරවා නිදහස් කළේ ය.

****

බුදුසරණ

සතර පොහොය කවදා දැයි දින ගණින
අහල පහළ කාටත් දම් රස බෙදන
සතිය පුරා කියවා සුරැකි ව තබන
සදහම් මංජුසාවකි අපෙ බුදු සරණ

දහම් පාසලේ අතිනත සැරි සරන
තම නිර්මාණ දැක සතුටින් රොද බඳින
බොදු ඔවදන් පෙළක් කැටි කර තබන
බවුන් වඩන අරණකි සදහම් අරණ

****

වළගම්බා රජතුමා

වළගම්බා රජතුමාගේ රාජ්‍ය සමයේ ද්‍රවිඩ ආක්‍රමිකයෝ හත් දෙනෙක් අපගේ රට යටත් කරගෙන වරින් වර පාලනය කළහ. එම කාලයේ බැමිණිතියාසාය නම් මහ නියඟයකින් ශ්‍රී ලංකාව ම විපතට පත් වූයේ ය. එහි දී බොහෝ රහතන් වහන්සේලා පිරිනිවන් පෑහ. තවත් රහතන් වහන්සේලා ඉන්දියාවට වැඩම වූ හ. අවුරුදු 12 කට පසු ඒ මහා නියඟය අවසන් විය. වළගම්බා රජු අවසන් ද්‍රවිඩ ආක්‍රමිකයා වූ දාටිය නම් පුද්ගලයා යටත්කොට ගෙන ශ්‍රී ලංකාව එක්සේසත් කළේ ය.

****

ආනන්ද තෙරුන් වහන්සේ

අද අපට ධර්මය අහන්න ලැබෙන්නේ අපේ අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ නිසයි. උන්වහන්සේ හරිම කරුණාවයි. උන්වහන්සේ අවුරුදු 25 ක් අපේ බුදුරජාණන් වහන්සේට සියලු උපස්ථාන කළා. අසූ හාර දහසක් ධර්මස්කන්ධය දරාගෙන හිටියා. උන්වහන්සේ එදා ධර්මය මතක තබා නො සිටියා නම් අපට ඒ ධර්මය ලැබෙන්නේ නැහැ. අවසන උන්වහන්සේ සතර ඉරියව්වෙන් තොරව උතුම් භාවයට පත්ව පළමු ධර්ම සංගායනාව පැවැත්වුවා. අපිත් උන්වහන්සේගේ ආශිර්වාද ය ලබා ගනිමු.

****

වැස්ස

ගස් වැල් සෙළවී සුළං හමනවා
චූටි බටිත්තෝ පියා සලනවා
අහස ගොරවලා වැස්සක් එනවා
සිසිලස සැම තැන දෝරේ ගලනවා

බිංදු බිංදු වැසි බිමට වැටෙනවා
චූටි ළමයි ටික බෝට්ටු හදනවා
මිදුලේ හැම තැන වතුර පිරෙනවා
චූටි ළමයි ටික බෝට්ටු යවනවා

****

උත්සාහවන්තයා ජයගනී

බරණැස එක්තරා දුප්පත් මනුස්සයෙක් ජීවත් වුණා. ඔහුගේ නම චුල්ලන්තේවාසික යි. ඒ නුවර ම අප මහා බෝසතාණෝද චුල්ල නමින් ජීවත් වුණා. එතුමා දෛවඥයෙකි. දිනක් බෝසතාණෝ තම නිවසට යන අතර මියගිය මීයෙකුගේ මළකුණක් දැක්කා. “නුවණැත්තෙකුහට මේ මළකුණ ද ඇති පොහොසතකු වන්න” කියා ඔහු කීවා. මෙය ඇසුණු චුල්ලන්තේවාසික එය රැගෙන ගොස් ඒ මී කුණ විකුණා විවිධාකාරයෙන් මුදල් කර දියුණුවෙන් දියුණුුවට පත්වුණා. දිනක් ඔහු චුල්ල සිටාණන්ගේ නිවසට රන් කාසි දහසක් ද රැගෙන ගියා. මෙහි පැමිණියේ ඇයි දැයි ඇසු විට ඔබ නිසා මා පොහොසතකු වුණා, කියා ඔහුගේ කතාව කියා සිටියා. එය ඇසූ චුල්ල සිටාණෝ ඔහුගේ දියණිය චුල්ලන්තේවාසිකට සරණ පාවා දී ධනය ද පිරිනැමුවා. චුල්ල සිටාණන්ගේ මරණයෙන් පසු චුල්ලන්තේවාසික බරණැස සිටු තනතුරට පත්වුණා. උත්සාහවන්තයා ජය ගන්නා ආකාරය මෙම කතාවෙන් අපට දෙන පණිවිඩය යි.

****

සිත

කුසලා කුසල කම් සිත පෙරටුව එනවා
සිත මුල් කොට ගෙන ම ඒවා පවතිනවා
කුසල කුසල කම් සිතෙහි ම උපදිනවා
මේ හැම දේකටම සිත මූලික වෙනවා

කියයි නම් යමක් සිතකින් කිලිටි වුණ
කරයි නම් යමක් සිතකින් කිලිටි වුණ
එ පව් ගොනුගෙ පයනු ව පසු පසෙහි යන
රියෙහි සක විලස කළ අය අනුව එන

****

වප් පුන් පෝය

දින දර්ශනයේ දහවන මාසය වශයෙන් සැලකෙන ඔක්තෝබර් මාසයේ දී වප් පුන් පොහොය උදාවෙයි. වස් තුන් මස අවසානයේ දී, එනම් වස් පවාරණයෙන් පසුව චීවර මාසය යනුවෙන් හඳුන්වන්නේ ද වප් මාසයයි. ගමත්, පන්සලත් යා කරවනු ලබන කඨින පූජෝත්සවය වප් පුන් පොහොයෙන් ඇරඹේ.

මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ පසු ථූපාරාමයට භික්ෂූන් වහන්සේ කැඳවා “විනය සංගායනාවක්” පැවැත්වූයේ ද, බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩමවීම සිදු වූයේ ද, එම පොහෝ දා ය. ඒ දුටු අනන්ත අප්‍රමාණ සැදැහැවත්හු බුදු බව පැතූ හ. දෙවනපෑතිස් රජු තම දූත පිරිසක් දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්කර යවා ශ්‍රී මහා බෝධි ශාඛාව රැගෙන ඒමට සැලසුම් කරන ලද්දේ ද වප් පුන් පොහොය දිනයක දී ය. වස් කාලයේ දී ආරාම තුළට ම වී කාලය ගත කළ භික්ෂූන් වහන්සේ ධර්මය දේශනා කිරීමට අමතර ව ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමට ද පෙළඹුණේ මෙම වකවානුවතුළ දී ය.

****

අපේ පෙරහර

****

බුද්ධත්වය