Print this Article


ඇසුරක පැවැත්ම

ඇසුරක පැවැත්ම

කල්පනාකාරීව ඇසුරු කළ යුතු චරිත පහක් පිළිබඳ ව සම්බුදු දහමෙහි විස්තර කෙරේ. පළමුවැන්නා, යමෙකුට යමක් දන් දී, පරිත්‍යාග කොට අවමන් කරන පුද්ගලයා ය.

දෙ වැන්නා, කලක් ඇසුරුකොට අවමන් කරන්නා ය.

තෙ වැන්නා, අනුන්ගේ දොස් පරොස්, අඩු පාඩු විමසීමට මුව අයා හිඳින පුද්ගලයා ය.

සිව්වැන්නා, ශ්‍රද්ධාවක් නැති, සෘජු අදහස් නැති ලෝල සහගත පුද්ගලයා ය.

පස්වැන්නා නුවණ මඳ, ප්‍රඥාව බිඳුවක් තරම්වත් නැති පුද්ගලයා ය. ඔහුට කුසලය,අකුසලය ගැන අවබෝධයක් නැත. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැත. මුළාවට පත් වූවෙකි. වහා කිපෙන්නෙකි. නො විමසා කටයුතු කරන්නෙකි.

අතීතයේ රජ කෙනෙකු සමීපයෙහි ආදරයෙන් හදාවඩාගත් වඳුරෙකු වාසය කළේ ය. වඳුරා රජුට අතිශයින් ම ආදරය සෙනෙහස දැක්වී ය. නිබඳව ම රජු සමීපයෙහි විසීමට පි‍්‍රය ය. දිනක් රජු නිදි යහනේ තද නින්දක සිටියේ ය. වඳුරා ද, රජු සමීපයෙහි හිඳිමින් රජුට රැකවල් ලබා දෙන අතර, රජුගේ ඇඟෙහි මැස්සකු වසා හිඳිනු දැක රජු කෙරෙහි ආදර පෙරදැරිව මැස්සා එළවා දැමීමට විවිධ උපක්‍රම යෙදී ය. එහෙත් මැස්සා යළි යළිත් රජුගේ සිරුරෙහි ම වසන්නට විය. මෙයින් කිපුණු වඳුරා රජුගේ මඟුල් කඩුව ගෙන මැස්සාට පහර දුන්නේ ය. මැස්සා ඉවතට ඉගිලී ගියේ ය. කඩු පහරින් රජුගේ ගෙළ කැපී රජු මරණයට පත් විය.

මේ කතාවෙන් අපගේ ජීවිතයට මා හැඟි උපදේශයක් ලබා දේ. ඒ ප්‍රඥාවන්ත වූ, මුළාවට පත් නො වූ පුද්ගලයන් පමණක් ඇසුරු නිසරු කිරීමේ වැදගත්කම යි.