Print this Article


කඨින පින්කම්

කඨින පින්කම්

බොරැල්ල පොත්ගුල් විහාරය

බොරැල්ල රුහුණු කලා මාවතේ පොත්ගුල් විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම විහාරාධිපති අමරපුර මූලවංශික මහා නිකායේ කොළඹ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක, ශාස්ත්‍රවේදී වස්කඩුවේ ඤාණින්දතිස්ස නා හිමියන්ගේ අනුශාසකත්වයෙන්, සතරපේරුවේ දායක කාරකාදීන් සහ රාජගිරිය වසන්ත අබේසිරිගුණවර්ධන මහතා සහ අනුලා අබේසිරිගුණවර්ධන මහත්මියගේ දායකත්වයෙන් මෙම මස 26 සහ 27 යන දිනයන්හි දී පැවැත්වේ.

වෑත්තෑව නන්දාරාමය

රද්දොළුව වෑත්තෑව ශ්‍රී නන්දාරාමයේ කඨින පින්කම විහාරද්වයාධිපති ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශක ශාස්ත්‍රපති නැදගමුවේ මහානාම හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 26 - 27 දෙදින තුළ පැවැත්වේ. මෙවර කඨින පින්කමෙහි ප්‍රධාන දායකත්වය කිඹුලාපිටිය, දමින්නගහවත්ත පදිංචි කිරිදානේගෙදර සමීර ජයශාන්ත මහේෂ් මහතා සහ සජී සුනාලි රාජපක්ෂ මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් විහාරස්ථ දායක සභාවේ සංවිධානයෙන් සිදු කෙරේ.

සීදූව සුගතාරාමය

සීදුවේ සුගතාරාමයේ වස්සාන පින්කම් මාලාවේ කඨින පින්කම මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 26, 27 දෙදින තුළ පැවැත්වේ. 26 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද පසුදා සීදූව දුම්රියපොළ පාරේ පිනිත ඕභාෂ් පද්මසිරි මහතාගේ නිවසෙන් කඨින චීවර පෙරහර පිටත් වේ. 27 වන දා සවස කොළොන්නාවේ සිරි සුමංගල මහා නාහිමියන්ගේ කඨිනානිශංස දහම් දෙසුමක් ද පැවැත්වේ.