යතිවර පූජෝපහාර
කැලණිය පිලපිටිය බරණැස්කන්ද 
පුරාණ විහාරයේ දී
 
 
කැලණිය පිලපිටිය, බරණැස්කන්ද පුරාණ විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
වත්තල ප්‍රාදේශික සංඝ සභාවේ දිසාපාලක, හිටපු පරිවේනාධිපති, ශාස්ත්‍රවේදී 
කහටවිලවත්තේ පාලිත මා හිමියන් සහ බරණැස්කන්ද විහාරාධිකාරී කැලණිය ජනාධිපති 
විද්‍යාලයේ හිටපු විද්‍යාලයාධිපති ශාස්ත්‍රවේදී නෙළුන්දෙණියේ සිරිවිමල මා හිමියන් 
වහන්සේ අඩ සියවසක් පුරා ඉටුකළ ජාතික, ආගමික හා ශාසනික සේවාවට පූජෝපහාර දැක්වීමේ 
විශේෂ පින්කම් මාලාවක් බරණැස්කන්ද පුරාණ විහාරයේ දී මෙම මස 22 වනදා සති පිරිත් 
දේශනාව ආරම්භ වූ අතර 27 වන දා දක්වා එය පැවැත්වේ. 
25 වන දා කැලණිය බොල්ලෑගල මාස්ටර් ගයිඩ් නිවසේ සිට විහාරස්ථානය වෙත දේවදූත පෙරහර 
මෙන්ම 27 වන දින සියක් නමක් උදෙසා දවල් සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ. එම පින්කම් 
මාලාවේ ප්‍රධාන දායකත්වය දායක සභාවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති දිස්නා වනිගසේකර මහත්මිය 
විසින් සිදු කරනු ලැබේ. බරණැස්කන්ද පුරාණ විහාරාධිකාරි, කැලණිය විද්‍යාශේඛර 
පරිවේනාධිපති ශාස්ත්‍රපති කැලණියේ ඤාණවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක 
සභාවේ සභාපති රසික ලියනගේ මහතා ඇතුළු දායක පින්වතුන් එම පින්කම් මාලාව සංවිධානය කර 
ඇත.   |