Print this Article


සදහම් අරණ

ජීවිතය අවබෝධ කරගන්න

සැපයට හැමෝ ම කැමැතියි. දුකට අකැමැතියි. සමහර අය අනුන්ට දුක්දෙන්න කැමැතියි. මිනිසාගේ ස්වභාවය මෙලොව ජීවත් වෙන බොහෝ දෙනෙක් දුක් කරදර මැද, සතුටින් සිනහ වී ජීවත් වේ. සැබැවින් ඔවුන් ආශ්චර්යමත් මිනිසුන් ය. ඔබත් කැමැති ද අන් අයට සතුටක් දෙන්න. මේ ජීවිතය තියෙන්නේ විඳින්නවත්, විඳවන්නවත් නොවේ. අවබෝධ කරගන්නයි. මෙලොව සෑම මිනිසෙකුට ම දුක් කරදර හටගනී. මරණය අප හැමෝටම පොදු ධර්මතාවය කි. එහෙත් මරණය ගැන අහන්නටත් අකැමැති බොහෝ දෙනෙක් වෙති. ඇත්ත දකින්න බය විය යුතු නැත. ඇත්ත ඇති සැටියෙන් දුටු විට ජීවිතය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබේ. මරණය යනු යෑමකි. ඉපදීම යළි ඒමකි. සසර යනු මෙයයි. යන්නේ කුමටද? නැවතීම සොයා ගමු. ඒ නිවන ය.

****

සිහි කරමු සිරි දේවමිත්ත හිමියෝ

බුද්ධ ශාසනය රැකුමට දිවි කැප කළ රජාණන්
මතින් මුදා රට සදනට කැපවුණු දම් පාලයන්
බුද්ධාගම පුදබිම රැකගන්නට සිහ නාදයෙන්
හෙළයන් අවදි කළ අනගාරික දම්පල්තුමන්

බෞද්ධයා මහාබෝධි සඟරා මුද්‍රාණාලයන්
බෞද්ධ පාසල් අරඹා ඇතුළත් කර දූ පුතුන්
සංස්කෘතිය රැකගන්නට පණ දුන් දෙව්රාජයන්
සිහිකරලමු ගෞරවයෙන් දේවමිත්ත හිමි සමිඳුන්

****

ආනන්ද මහ රහතන් වහන්සේ

සුද්ධෝන රජුගේ සොහොයුරු අමිතෝදන ශාක්‍ය රජුගේ අගබිසවකට උපන් පුත් කුමරාට ‘ආනන්ද’ යන නම තබන ලදී. පසුව උතුම් ධර්ම භාණ්ඩාගාරික තනතුර ලැබීමට හේතු වූයේ පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් රහතන් වහන්සේලාට දින හතක් දන්දීමේ දී සිතූ ප්‍රාර්ථනයක් අනුව ය. අනාගතයේ දී ගෞතම බුදු සස්නෙහි ආනන්ද නමින් අග්‍රෝපස්ථායක වී නිවන් අවබෝධ කරන බවට ප්‍රාර්ථනා කළහ. ඒ ආනුභාවයෙන් බුදුරදුන්ගේ සෙවණැල්ල මෙන් ළඟ වෙසෙමින්, දෙවරක් අමතන්නට ඉඩ නොතබා, අනලස් ව කළ උපස්ථානය විස්ම ය. ආනන්ද තෙරුන් අවුරුදු එකසිය විස්සක් ආයු විඳ රෝහිණී නදියේ අහස් කුස්හි ද පිරිනිවන් පෑහ.

****

සම්මා සම්බුද්ධ නම් වන සේක

බුදු ගුණ කවියට නැගූ වීදාගම මෛත්‍රිය නා හිමිපාණන් වහන්සේ “බුදුගුණ අලංකාරය” නම් වූ කාව්‍ය ග්‍රන්ථයේ සම්මා සම්බුද්ධ ගුණය විස්තර කරනුයේ මේ අයුරිනි.

තුන් කල්හි ම පැවැ ති
පදරුත් සියල් ලොවැ ඇ ති
අතැඹුලසෙ දැන ග ති
එයින් සම්මා සම්බුදුන යෙ ති

අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයට ම අයත් ව, ලෝකයෙහි පවතින සියලු පදාර්ථයන් අතෙහි ඇති ඇඹුලක් (නෙල්ලි ගෙඩියක්) මෙන් තමන් වහන්සේ විසින් ම මනාව දැනගත් නිසා “සම්මා සම්බුද්ධ” යි කියනු ලැබේ. සම්මා සම්බුද්ධ යන වචනයෙහි සම්මා යන්නෙන් දැන ගත යුතු සියලු දෑ මැනවින් දැනගත් බව ද “සං” යන්නෙන් තමන් වහන්සේ විසින්ම දැනගත් බව ද , බුද්ධ යන්නෙන් අවබෝධ කරගත් බව ද කියැ වේ. මෙසේ දැනගත යුතු සියලු දේ තමන් වහන්සේ විසින් ම මැනවින් අවබෝධ කර ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක.

****

මෙත්තා බ්‍රහ්ම විහරණය

මම සැපයට කැමැති සේ ම අන් අය ද එසේ ම ය. තම සැපය මෙන් ම අනුන්ගේ සැපය ගැන ද සිතනවා නම්, කෙ තරම් යහපත් ද? තමා වේදනාවට අකැමැති යම් සේ ද අන්අයට හිංසාවක්, පීඩාවක්, කළකිරීමක් නොවන සේ ජීවත්විය හැකි නම්, හේ මෛත්‍රී හැඟුම් බර තැනැත්තෙකි. සමහර පිරිස් මම සුවසේ ජීවත් වෙම්වා, අන් අය ද සුවපත් වෙත්වා, යි මෛත්‍රී භාවනා කරන නමුත් , දවස පුරාම අන් අය කායික, මානසික පීඩාවන්ට ලක් කරන්නේ නම්, ඒ සැබෑ මෛත්‍රිය නොවේ. මිතුරු හතුරු. හිත අහිත, ළඟ දුර , දන්නා නො දන්නා ලොකු කුඩා, පෙනෙන නො පෙනෙන, සියලු ලෝක සත්වයාට සම සිතින් ආදරය කිරීම සැබෑ මෛත්‍රීය යි. මෛත්‍රී සිතිවිලිවලින් පිරිපුන් තැනැත්තා කරුණා , මුදිතා, උපෙක්ඛා යන බ්‍රහ්ම විහරණයන් ද නිරායාශයෙන් පුරන්නෙක් බවට පත්වේ. සැබෑ මෛත්‍රී සිතිවිලි දරන්නා සමාජයේ සුහදශීලී ව නිහතමානී දිවියක් ගෙවීමට වරම් ලබයි.

****

මුහුදු වෙරළ

සෙමින් සෙමින් අඳුර එමින් හිරු බැස යනවා
හොරෙන් හොරෙන් මුහුද යටින් සඳ නැඟ එනවා
ටිකෙන් ටිකෙන් මුහුදු වෙරළෙ සුළං හමනවා
දිලි දිලි තරු බැබළි නො පෙනී යනවා

****

රුවන්වැලි මහ සෑය

****

පින්බර විහාරය