Print this Article


පොත් පුවත්

බුදුවරයෙකුගේ සිතුවිලි සොයා යන වීතරාගී ගීතරාවය

(ධම්මපදය ඇසුරිනි)

සම්පාදනය – විමලරත්න ලියදිපිටිය
මුද්‍රණය - සමයවර්ධන මුද්‍රණ ශිල්පියෝ

මව්බස හා බද්ධ වුණු හැඟීම්වලින් යුතු ප්‍රකාශන ශක්තියේ උපරිමයෙන් හා නැණ පමණින් අවබෝධ කොටගත් දහම් කරුණු කාරණාවන් මත අතිශයින් ම සරල බස් වහරකින් සම්පාදනය කරන්නට යෙදුනු මෙම දහම් කාව්‍ය මෙනෙහි කිරීමෙන් තම තමන්ගේ සිත් සතන් තුළ සුචරිතය වඩවා ගන්නට යමෙකු සිත තුළ සිතිවිල්ලක් උපදින්නේ නම්, ග්‍රන්ථයේ පරමාර්ථය සඵල වූවා යැයි කතුවරයා සඳහන් කරයි. ධම්මපදයේ එන ගාථා 423 උදෙසා ම සිංහලෙන් සරළව තේරුම ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.


සොරබොර පාමුල

කර්තෘ - දර්ශනපති – බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි
මුද්‍රණය – ක්‍රියේට්ව් පි‍්‍රන්ටර්ස් ඇන්ඩ් ඩිසයිනර්ස් - හල්ඔඵව

දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමියන්ගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන මෙම කෘතිය සොරබොර පාමුල නමින් නම්කොට ඇත.

කවිය වනාහි හුදු ආත්මීය පරිකල්පනයකි. කවි සිතිවිලි හැම හදවත් තුළම උපදී. ඇතැම් විට ඒවා උපන් ගෙයිම මියදෙති. සමහර කවි මුවින් පිටවෙති. සමහර කවි ලියවෙති. සමහරු එම කවි ජන කවි, විදග්ධ කවි, සම්භාව්‍ය කවි වශයෙන් අර්ථකථනය කරන බව කතුවර හිමියෝ කියති. මෙම ග්‍රන්ථය පුරාවට උන්වහන්සේ විසින් ලියවුණු කාව්‍යයන් ගොනු වී ඇති අතර, දම්රස දුන් නිදුකාණෙනි, උපාසක අම්මා, දරු දුක, ආදී මාතෘකා අනූවක් ඔස්සේ මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කර ඇත.


දඹදිව උපන් කතා

කර්තෘ - චන්ද්‍රසිරි දොඩන්ගොඩ
ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි සහ සමාගම

සද්ධර්මාලංකාරයෙහි එන ඇතැම් කතා සරලව පාඨකයාට ඉදිරිපත් කිරීම කතුවරයාගේ අදහස වී ඇත. සද්ධර්මාලංකාරයෙහි එන්නේ ඉතා ඈත ඉතිහාසයේ බුද්ධාලම්භන පී‍්‍රතියෙන් දානමානාදිය කළ පින්වතියන්ගේ කතා ය. ඒවා රසවත් ය. අද්භූත ලක්ෂණ තිබුණ ද එහි හොඳ ලක්ෂණය ඇතිබව කතුවරයා කියයි. හැඳිමිටේ දිගට වඩා නුවණැති ගැහැනිය, පන්සියයක් පුතුන් ලැබූ මලින් උපන් පද්මාවතී, පුතෙකු ඇපයට තබා දනක් දී ජනපදයක් දිනු තිස්සා ආදී මාතෘකා කිහිපයක් ඔස්සේ මෙම ග්‍රන්ථය ගොනුකර ඇත.