Print this Article


කඨින පින්කමක් හා පැවිදි පින්කමක්

කඨින පින්කමක් හා පැවිදි පින්කමක්

කඩුවෙල, කොතලාවල ප්‍රෙස්ටීප් සිටි, සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පූජෝත්සවය අඟුණකොළපැලැස්සේ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර එහි ප්‍රධාන දායකත්වය දරණ විහාර මාවත, 02 වන පටුමග, පදිංචි කුමාරි නාරායන මහත්මිය ඇතුළු පවුලේ සැම දෙනාගේ මූලිකත්වයෙන්, සහ විහාරස්ථ දායක දායිකාවන්ගේ සහයෝගයෙන් ඔක්තෝබර් මස 16, 17, 18, 19 යන සිව් දිනයන්හී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

16 වන දා බංගලාවත්ත තිලක් පුෂ්ප කුමාර පෙරේරා මහතාගේ සහ 17 වන දා විහාර මාවත උපුල් ඉන්ද්‍රකුමාර මහතා සහ චන්ද්‍රිකා දිසානායක මහත්මියගේ නිවසේ කඨින චීවරය තැන්පත් කර තිබූ අතර විහාර මාවත 18 වන දා කුමාරි නාරායන මහත්මියගේ නිවසේ සිට කඨින වස්ත්‍රය 18 වනදා තැන්පත් කර 19 වන දා හිමිදිරියේ කඨින වස්ත්‍ර පෙරහර විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබිණි. එදින පෙරවරුවේ යාය 7 වීරපුර සාලියවැව ආර්.ඩී. අනුර රණසිංහ සහ එච්.ඒ. අමාලි ගංගා ශාන්ති දම්පතීන්ගේ දෙටු පුත් ආර්.ඩී. සනේෂ් ප්‍රභාත් කුමරුවා අඟුණකොළපැලැස්සේ ඤාණානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි කිරීමට ද නියමිත ව තිබිණි.

අනතුරුව නිහාල් දුනුවල සහ නීතිඥ පුෂ්පා රෝහිණී මහත්මියගේ දායකත්වයෙන් උදෑසන සංඝගත දක්ෂිණාව ද ,ප්‍රේස්ටීප් සිටි සුබ සාධක සංගමයෙන් පරිස්කාර පූජාවක් ද , දවල් සපිරිකර සංඝගත දක්ෂිණාව ද පැවැත්වේ. එදින රාත්‍රී 7 ට කපුගම්පොත වංගීස හිමියන් විසින් කඨිනානිශංස දේශනාව පවත්වනු ලැබේ.