Print this Article


ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජ මහා විහාරයේ සඟසතු දානමය පින්කමක්

ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජ මහා විහාරයේ සඟසතු දානමය පින්කමක්

ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජ මහා විහාරය සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයට අයත් විහාරස්ථානයකි. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරෙන් ආරම්භ වී ඇති වීදියගොඩ සඟ පරපුර මේ වන විට විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වී ක්‍රියාත්මක වන විහාරස්ථාන ගණන සියයකට ආසන්න ය. එම විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝරත්නය දෙසීයනමකට අධික ය.

වීදියගොඩ පාර්ශ්වයට අයත් ඔලබොඩුව රජ මහා විහාරය ආරම්භ වන්නේ වීදියගොඩ මහා විහාරයට සමගාමී ව හා වීදියගොඩ මහා විහාර භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙනි. අද වන විට ඔලබොඩුව රජමහා විහාරයෙන් ආරම්භ වී ඇති ශාඛා විහාරස්ථාන විසිහතරකි.

වීදියගොඩ පාර්ශ්වීය සියලු මහා සංඝරත්නය එකම ස්ථානයකට වැඩමවා සඟසතු මහා දානමය පින්කමක් සිදුකර ගෞරව උපහාර දැක්වීමත්, සසුනඹර ශෝභාමත් කරමින් වැඩසිට අපවත් වී වදාළ වීදියගොඩ සඟ පරපුරට අයත් සියලු මහා සංඝරත්නය අනුස්මරණය කර පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන විශේෂ දානමය පින්කමක් ඔක්තෝබර් මස 19 වන දා දවල් දෙසිය පනස් නමක් මහ සඟරුවන විෂයෙහි පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.