Print this Article


තල්පිටියේ බෝධිරාජ මහා විහාරයේ කඨින පින්කම

තල්පිටියේ බෝධිරාජ මහා විහාරයේ කඨින පින්කම

වාද්දුව තල්පිටියේ ඓතිහාසික බෝධිරාජ මහා විහාරස්ථානයේ මෙවර කඨින චීවර මහා පින්කම මෙම මස 24,25 යන දෙදින තුළ පැවැත්වේ. 24 වනදා රාත්‍රී 7.00 විශේෂ ධර්ම දේශනයක් පවත්වනු ලැබේ. 25 වන දින අලුයම 3.00 තල්පිටිය ගාලුපාර අංක 221 දරණ ස්ථානයේ දිලිප් කුමාර පෙරේරා මහතාගේ නිවසින් කඨින චීවරය රැගත් පෙරහර වීථි සංචාරය කර, අලුයම 5.30 ට විහාරස්ථානයට ළඟාවීම ට නියමිත ය. පස්වරු 3.00 විශේෂ ආරාධනය මත චීනයේ සිට වැඩමකර සිටින චීන ජාතික මහා සංඝයා වහන්සේ ප්‍රමුඛ දූත පිරිස පෙරහරකින් විහාරස්ථානය වෙත වැඩම කෙරෙන අතර පස්වරු 4.00 ශතාධික මහ සංඝ රත්නය වෙත ගිලන්පස පූජාව පවත්වනු ලැබේ.

එම කඨින පූජා පින්කම විහාරාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නාහිමියන් සහ විහාරාධිකාරි රාජකීය පණ්ඩිත නිකාරේ ඤාණතිලක හිමියන්ගේ අනුශාසනා, පරිදි විහාරස්ථදායක සභාව, කුළඟන සමිතිය, බෞද්ධ සමිතිය සහ ගම්වාසී දායක පිරිස විසින් සංවිධානය කර ඇත.