Print this Article


අනුන් සිතන දේ තමන්ට කුමට ද?

අනුන් සිතන දේ තමන්ට කුමට ද?

අප ගැන අනිත් අය කියන්නේ කුමක් ද?

ඒ ගැන සිත් කරදර කර ගත්තා ම අප කරන කියන දේ කරන්න සිදුවෙන්නේ මහත් අසහනයෙන්. මහත් මානසික පීඩාවකින්.

අනිත් අය ඔබ ගැන සිතන දේ ගැන සිත කරදර කර ගන්නේ ඇයි? අනිත් අයගේ මති මතාන්තරවලින් ඔබ පාලනය කරන්න ඉඩ දෙන්නේ ඇයි? ඔබ යමක් කළේ ඇයි ද යන්න ගැන ඔවුන් දැන ගත යුතු සියලු ම දේ දැන නොසිටිය නිසා ඔවුන් දරන මති මතාන්තර අපට වැදගත් වෙන්නේ නැහැ.

මගේ ජීවිත අත්දැකීම් දිහා බැලුවාම අවුරුදු තිස් තුනකට පෙර මා මේ නගරයට ආවේ මේ විදිහේ ඇඳුමක් ඇඳගෙනයි. වීදි දිගේ ඇවිදින විට මිනිස්සු නොයෙකුත් විදිහේ දේ කිව්වා. ඇනුම්පද කිව්වා. නමුත් මම හැංගුණේ නැහැ. අනෙක් අය තමන් ගැන සිතන්නේ කුමක් ද? කියන එක ගැන සිත් කරදර කර ගන්න එපා. හැමදෙයක් ම විනෝදයෙන් බාර ගන්න.

එක් උෂ්ණ දවසක අපි අපේ වෑන් රථයෙන් ලිච් හයිවේ එක දිගේ ගමනක් යමින් සිටියා. රථය පැදෙව්වේ අපේ පන්සලේ අනගාරික කෙනෙක්. මා පසුපස ආසනයේ වාඩි වී සිටියා. වායු සමීකරණය වැඩ කළේ නැති අතර, තද ග්‍රීෂ්ම දවසක් නිසා අපි වාහනයේ ජනේල ඇරගෙන ගියා. මාර්ග ආලෝක සංඥා කුළුණක් ළඟ අපේ වාහනය නැවැත්තුවා ම, එහා පැත්තේ වාහනයක සිටි වයස අවුරුදු දහ අටේ, දහනවයේ තරුණ ගැටව් පිරිසක් මට ඔච්චම් කළා. ර්‍ථතචර ඕධර සඟරාව පෙන්වමින් මට විහිළු කළා. “ඕයි නිකමා රස්සාවක් කරපන්. හොඳට කොණ්ඩෙ කපාපන්” කියල විහිළු කළා. නමුත් මේ විහිළු තහළුවලින් මා ලජ්ජාවට පත් වුණේ නැහැ. මට තරහ ගියේ නැහැ. මමත් සිනාසෙන්න පටන් ගත්තා. මමත් ඒ වයසේ සිටියා නම් මා කරන්නෙත් මේ වගේ වැඩ විත්තිය මට මතක් වුණා.