Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි කංචුක චීවර පූජාව අනුබුදු මිහිඳු මාහිමි කළගුණ සලකමු පදනම මගින් ඉකුත් දා දින (6) සිදු කෙරිණි. කැලණිය චිත්තභ්‍යාස සංවර්ධන පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන නාහිමියන්ගේ උපදෙස් පරිදි අනුබුදු මිහිඳු මාහිමි කළගුණ සලකමු පදනමේ නිර්මාතෘ ත්‍රිපිටකධර්මවේදී ගෝනපීනුවල චන්දරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් පදනමේ සභාපති ජගත් ධර්මපි‍්‍රය මහතා, ප්‍රධාන සංවිධායක පියතිස්ස පෙරේරා මහතා ඇතුළු සංවිධායක මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.