Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මිනුවන්ගොඩ, වෑගොව්ව, ග්‍රාමයේ චාමල් මාවතේ අංක 49 - 1 පදිංචි එක් දරු පියෙකු වන 42 හැවිරිදි බී.එච්. නිමල් විජේසිරි මේ වන විට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහු සුවපත් කර ගැනීම සඳහා ඉතා ඉක්මණින් වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් කළයුතු බව විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බවත් ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බවත් කියයි.

කුඩා ස්වයං රැකියාවක් කර ජීවත් වන ඔහුට මෙවැනි මුදලක් සොයා ගැනීමට හැකියාවක් නොමැති බවත් එසේ ම, බද්ධ කිරීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් සොයා ගැනීම ද ඔහුට ගැටලුවක් වී ඇති බවත් කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි අයෙක් වෙතොත් 0774691361, 0777458073 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසත්, මුදල් පරිත්‍යාග කළහැකි අයෙක් වෙතොත් මහජන බැංකුවේ මිනුවන්ගොඩ ශාඛාවේ අංක 84606261 ගිණුමට බැර කරන ලෙසත් ඉල්ලීමක් කරයි.

***

“ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉල්ලයි

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අයෙක් සඳහා පරිත්‍යාගශීලී කෙනෙක් වෙතොත් පහත අංකයට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 077 3031995, 0722 996996