Print this Article


කළුතර උතුර සුමිත්‍රාරාමය

 කඨින පින්කම්

 

සීදූව සුගතාරාමය

සීදූව සුගතාරාමයේ කඨින පින්කම මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 26 සහ 27 දෙදින පැවැත්වේ. 26 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද 27 වන දා අලුයම 1 ට කඨින චීවර පෙරහර සීදූව දුම්රියපොළ පාරේ පිනිත ඕභාෂ් පද්මසිරි මහතාගේ නිවසෙන් ආරම්භ කෙරේ. උදෑසන 6 ට කඨින චීවර පූජාව සහ සඟසතු මහා දානමය පින්කම පැවැත්වීමට දායක සභාව, සිරි සුගතාරාම දහම් පාසල, විශාඛා බෞද්ධ කාන්තා සමිතිය හා කුළඟන සමිතිය මඟින් සංවිධානය කර ඇත.


තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය

තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමයේ කඨින පින්කම ඔක්තෝබර් 17, 18 දිනවල විහාරාධිපති, ලේඛකාධිකාරී හඟුරන්කෙත සද්ධානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන නික තැන්නේ කුමාරිහාමි මහත්මියගේ නිවසේ සිට කඨින චීවර පෙරහර පැවැත්වේ.


ගල්මඩුව රජමහ විහාරය

ඓතිහාසික ගල්මඩුව රජමහ විහාරාධිපති කර්මාචාර්ය ගම්මුල්ලේ සුමංගල නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කඨින පින්කම නොවැම්බර් මස 01, 02 යන දිනයන්හි පැවැත්වේ.


මාගම්මන පුරාණ විහාරය

මාගම්මන පුරාණ මහා විහාරයේ කඨින පින්කම මෙම මස 18 - 19 දෙදින පැවැත්වේ. 19 වන දා අලුයම කඨින චීවර පූජා පෙරහර ද පසුදා කඨින චීවර පූජාව සහිත දවල් සපිරිකර සංඝගත දක්ෂිණාව රත්මලවැටියේ සීලවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය

මහනුවර ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ 73 වෙනි කඨින පින්කම ඔක්තෝබර් 19 සහ 20 දිනවල විහාරාධිපති ශාස්ත්‍රපති යටිනුවර සුමන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය මහනුවර හන්තාන නිවාස සංකීර්ණයේ පදිංචි සාම විනිසුරු සුමනා අබේසිංහ මහත්මිය වෙතිනි.


කළුතර උතුර සුමිත්‍රාරාමය

කළුතර උතුර සුමිත්‍රාරාම මහා විහාරාධිපති බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක පාතකඩ චන්දානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 19 සහ 20 යන දිනවලදී කඨින පින්කම පැවැත්වේ. 19 වන දා සවස මල් පෙරහර ඩබ්ලිව්. විජේසිරි මහතාගේ නිවසින් පිටත්වන අතර එදින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද කුමාරතුංග මාවතේ ජී.ඩබ්ලිව්. මංගලිකා මහත්මියගේ නිවසේ සිට කඨින චීවර පූජා පෙරහරද උදෑසන කඨින චීවර පූජාව සහ සඟසතු දානයද 7 ට කඨිනානිශංස දේශනාව ද පැවැත්වේ.


මරදාන මහින්දාරාමය

කොළඹ 10 මරදාන ශ්‍රී මහින්දාරාමාධිපති මාපලානේ ධම්මාලෝක නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම මෙම මස 19 සහ 20 යන දිනවල දී පැවැත්වීමට දායක පිරිස කටයුතු යොදා ඇත.


ගින්නේරිය

වදාකඩ, ගින්නේරිය පත්තිනි විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන කඨින චීවර පූජාව මෙම මස 18.19 දෙදින තුළ පැවැත්වේ. 18 වෙනි දින බුද්ධ වන්දනාව පවත්වා එදිනම රාත්‍රී 8.00 විශේෂ ධර්ම දේශනාව විශ්‍රාමික නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති සේනපුර සද්ධාමංගල

හිමියන් විසිනි . 19 වෙනි දින කඨින චීවර පූජාව සමඟ මහ සඟරුවනට පිදෙන සඟසතු දානමය පින්කමකි. මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය මහජන සෞඛ්‍ය නිලධාරී නිශ්ශංක මහතා සමඟ නිවැසි සියලු දෙනාගේ එකමුතුවෙන් හා විහාරස්ථ දායක දායිකා පින්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වේ.


කුරුවලාන

කහටෝවිට, කුරුවලාන, ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේ කඨින පින්කම මෙම 20, 21 දිනයන්හි දී එම විහාරස්ථානයේ දී පැවැත්වේ.

විහාරාධිපති හබරවත්තේ අමරවංස හිමියන්ගේ අනුශාසකත්වයෙන් 18 වන දින සිට පින්කම් මාලාවක්ද පැවැත්වේ.


කොටගල පබ්බතාරාමය

කොටගල පබ්බතාරාමයේ කඨින පින්කම තිස්සමහාරාමයේ ධම්මජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි 19 සහ 20 දිනවල දි විහාරස්ථ දායක සභාව කුළඟන සමිතිය හා ශාරිපුත්‍ර දහම් පාසල හා ප්‍රදේශවාසීන් ගේ අනුග්‍රහයෙන් පැවැත්වේ.


මැද්දවත්ත සිරි වජිරඤාණ ධර්මායතනය

මැද්දවත්ත, සිරි වජිරඤාණ ධර්මායතනයේ කඨින මහා පුණ්‍යෙීත්සවය සාසන සේවක සමිතිය, සාසන සේවිකා සමිතියේ සහ සිරි වජිරඤාණ ධර්මවිජය දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලවල සංවිධායකත්වයෙන් මෙම මස 19-20 දෙදින පැළෑනේ සුවිනීත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

19 දින රාත්‍රී 08.00 බුද්ධ පූජාව ද, රාත්‍රී 8.30 ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් සිදු කෙරේ. කඨින චීවර පූජාව 20 වන ඉරු දින පෙරවරු 6.30 ට බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය

අනුරාධපුර ඉසුරුමුනිය පාර පූජනීය පෙදෙස සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පින්කම මෙම මස 13-14 දිනයන්හිදී සිදු කෙරේ. කෑගල්ල රංවල හන්දිය විජේනායක ස්ටෝර්ස් අධිපති ඩබ්.ඒ.එස්.කේ. විජේනායක මහතා, ශාස්ත්‍රපති රේණුකා දමයන්ති මහත්මිය හා රජිත පියුමාල් විජේනායක , අචින්ත නදීශ විජේනායක පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ ඥාති මිත්‍රාදීන්ගේ සංවිධායකත්වයෙන් එය පැවැත්වේ.

පොහෝ දින සවස 07.00 අට විසි බුද්ධ පූජාව හා බෝධි පූජාව අනුශාසනාව ද 14 වනදා පාන්දර 05.00 ට කඨින චීවරය රැගත් පෙරහර දකුණු දාගැබ පාරේ සීල භාවනා මධ්‍යස්ථානයේ සිට සිරි සඟබෝ භාවනා මධ්‍යස්ථානය වෙත පැමිණීම ද අලුයම 5.30

පිරිකර සහිත කඨින චීවරය සාංඝික කර පූජා කිරීම ද සිදු කෙරේ.


අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ පින්කම් රැසක්

ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාම පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ අනුනායක මහෝපාධ්‍යාය ආචාර්ය අමුගොඩ සෝමරතන අනු නාහිමියන්ගේ හා විහාරාධිකාරී සාහිත්‍යශූරී අමුගොඩ සෝමානන්ද දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂික කඨින චීවර පූජා මහා පින්කම සහ අනුනාහිමි 91 වෙනි ජන්ම දිනය හා අමුගොඩ සෝමානන්ද දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක නාහිමියන්ගේ 56 වෙනි පැවිදි දිවිය නිමිත්තෙන් පින්කම් රාශියක් මෙම මස 26, 27 වෙනි දින තුළ පැවැත්වීමට විහාරස්ථ සියලු සමිති සමාගම් සංවිධානය කර ඇත.


හබරණ ශ්‍රී සම්බෝධි විහාරස්ථානය

හබරණ දඹුල්ල පාර ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති මහරඹෑවැවේ පාලිත හිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් 9 - 10 දිනවල දී පැවැත්වේ. කඨින වස්ත්‍ර පූජා පින්කම කමල් විජේසූරිය මහතා ප්‍රධාන එම පවුලේ පින්වතුන්ගේ ප්‍රධාන දායකත්වයෙන් විහාරස්ථ දායක පිරිසෙහි දායකත්වයෙන් පැවැත්වේ.


හොරණ කඳන පුරාණ විහාරස්ථානය

හොරණ කඳන පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජාමය පින්කම මෙම මස 19 හා 20 දිනයන්හි සිදු කෙරේ. කොස්වානේ නන්දසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය කඳන පන්සල පාරෙහි පදිංචි දීපාල් මීගොඩ මහතා හා චමිලා මීගොඩ මහත්මිය ඇතුළු එම පවුලේ දූ දරුවන් විසිනි.


දඩල්ල මහමුදලින්දාරාම පුරාණ විහාරයේ කඨින පින්කම

ගාල්ල දඩල්ල මහමුදලින්දාරාම පුරාණ විහාරයේ කඨින පින්කම විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර වස් වසා වැඩ සිටින විශ්‍රාමික පරිවේණාධිපති අටබාගේ මහින්ද නා හිමියන්ගේ සහ ධම්මසීල හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම මස 26-27 සිදු කිරීමට සතර පේරුවේ දායක පින්වතුන් කටයුතු යොදා ඇත.