Print this Article


මාකන්දන සංකල්ප විහාරයේ

මාකන්දන සංකල්ප විහාරයේ වස්සාන ධර්ම දේශනා මාලාව සහ කඨින පින්කම


පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ කඨින පින්කමට සමගාමිව පැවැත්වෙන වස්සාන ධර්ම දේශනා මාලාව මෙම මස 24 වනදා සිට ආරම්භ වේ.

ඔක්තොබර් 24 වනදා පුහුල් වැල්ලේ සාරද හිමි, 25 වනදා පුහුල්වැල්ලේ විනයසිරි හිමි, 26 වනදා පිටිගල ධම්මවිනීත හිමි, 27 වනදා හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 28 වනදා දොළොස්වල උදිතධීර හිමි, 29 වනදා ගල්කිස්සේ සෝමානන්ද හිමි. 30 වනදා අළුත්ගම පඤ්ඤාසාර හිමි 31 වනදා කොළොන්නාවේ සිරිසුමංගල මහා නාහිමි නොවැම්බර් 01 වනදා රාජකීය පණ්ඩිත කැස්බෑවේ පඤ්ඤානන්ද හිමිවරු එම දම්දෙසුම් පවත්වනු ලැබේ.

ධර්ම දේශනා දිනපතා රාත්‍රී 7 ට පැවැත්වේ. ඊට සමගාමීව පෙරවරු 5 ට කිරි ආහාර බුද්ධ පූජාවත්, පෙරවරු 10 ට සම්බුද්ධ පූජාවත් සවස 6 ට මල් පෙරහරක් ද පැවැත්වේ.

නොවැම්බර් 2 සවස 3.00 ට කඨින මහා පෙරහර පැවැත්වේ. මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරණ කැස්බෑව නගරාධිපති දේශබන්දු ලක්ෂ්මන් පෙරේරා මහතා සහ අයේෂා නිල්මිණී රුබේරු මහත්මියගේ ප්‍රධානත්වයෙන් මඩපාත පිළියන්දල පාරේ නො. 51 ස්ථානයේ සිට කඨින චීවරය රැගත් මහා පෙරහර වීථි සංචාරය කරන අතර 3 වනදා අලුයම 5.00 ට කඨින චීවරය විහාරස්ථානයට වැඩම කරවීම සහ සඟසතු කොට පූජා කිරීමත් 29 එදින දවල් 75 නමක් විෂයෙහි සපිරිකර මහා දානමය පින්කම ද පැවැත්වේ.

එදින සවස පාමංකඩ ඉන්ද්‍රජෝති හිමියන්ගේ කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වේ.

විහාරාධිපති කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව, සංකල්ප කුලඟන සමිතිය, සංකල්ප අන්‍යොන්‍යාධාර සමිතිය, සංකල්ප දහම් පාසල, සංකල්ප වැඩිහිටි සමිතිය, සංකල්ප නව යෞවන එකමුතුව, සංකල්ප ග්‍රාම සංවර්ධන සමිතිය ,එස් විස්ස සංවිධානය, දහම්පාසල් ආදි ශිෂ්‍ය සංගමය, සංකල්ප යෞවන සමිතිය. සංකල්ප ක්‍රීඩා සමාජය එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.