Print this Article


 “හොඳම දේ දරුවන්ට” නොබෝදා දොරට වැඩිණ

 “හොඳම දේ දරුවන්ට” නොබෝදා දොරට වැඩිණ

ප්‍රවීණ මාධ්‍යවේදිනී රමණී සුබසිංහ මහත්මිය විසින් කථිකාචාර්ය පූලියද්දේ සුධම්ම හිමියන් සමඟ සාකච්ඡා කොට සම්පාදනය කරන ලද “හොඳම දේ දරුවන්ට” නවතම ප්‍රකාශනයක් වන මෙහි ‘බොසත් දරුවන්ට හා පින්වත් දෙමාපියන්ට එකසේ වැදගත් සර්ව කාලීන ලිපි මාලාවක් අන්තර්ගත වෙයි. මේ යටතේ ‘ජීවිතයට නිධානයක්’ , ‘සංවර වදනේ මිහිර’, තනිව ගමන් යන සිත, ධරණි තලයේ හැරවුම් ලක්ෂය, ලොව බබළන පුන් සඳ, දස පින් කිරියවත්, හැමදාම සතුටින් සිටින මග සහ ධර්මයට සමාන ඖෂධ යනාදී මාතෘකා රැසක් විස්තර කෙරේ. දොඩම්වල ධම්මරතන අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ දම්ඹරාවේ ධම්මාලංකාර නාහිමියන් ඇතුළු ගිහි පැවිදි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවති එම උළෙලේ දී රාජ්‍ය සම්මානලාභී සුනේද්‍ර මොළගොඩ, ශාස්ත්‍රපති චාමික මුණසිංහ යන මහත්වරු විශේෂ දෙසුම් පැවැත්වූහ.