Print this Article


ශ්‍රී දළදා මාළිගාවේ කඨින පුණ්‍යෝත්සවය

ශ්‍රී දළදා මාළිගාවේ කඨින පුණ්‍යෝත්සවය

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින චීවර පුණ්‍යෝත්සවය මෙම 18, 19 යන දෙදින තුළ පැවැත්වේ. කඨින පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී දළදා සමිඳු උදෙසා 18 සවස 07.15 පිරිනැමෙන ගිලන්පස පූජාව සහ රාත්‍රී 09.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකි. පසුදින මුළුතැන් බුද්ධ පූජාවකි. දවල් මල්වතු අස්ගිරි අතිපූජ්‍ය මහා නා හිමිවරු, අනුනා හිමිවරු ප්‍රධාන ගරුතර මහා සංඝරත්නය සියක් නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. කප් රුක් පූජාව සහිත සිදුකෙරෙන කඨින චීවර මහා පූජාව, මහනුවර කටුකැලේ ලේඩ් බේලෙක් ආරාමාධිපතිනි, ශ්‍රද්ධා ප්‍රසාදිනි ධර්මචාරි කොත්මලේ සුධර්මා සිල්මෑණියන්ගේ ප්‍රධානත්වයෙන් සහ රාජගිරිය රෝයල් කෝට්හි අංක 195 / 52 නිවසේ පදිංචි උපෙන්ද්‍ර සහ එරංගා සමරතුංග යන දෙපළ සහ දිනූ සහ තෙරුණි දියණියන්ගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වේ.

රාජගිරිය රෝයල් කෝට්හි උපෙන්ද්‍රා සමරතුංග මහතාගේ නිවසේ සිට 18 වෙනිදා විසිතුරු ධර්ම යාත්‍රාවකින් රථ පෙරහරක් සහිතව කඨින චීවරය මහනුවර, කටුකැලේ ආරාමයට වැඩමවා පසුදින අලුයම කඨින චීවරය ආරාමයේ සිට මහා පෙරහරකින් ශ්‍රී දළදා මාළිගාවට වැඩමවා ගෙනයනු ඇත. උදෑසන සහ දවල් ශතාධික ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානය කප්රුක් සහිත කඨින චීවරය සඟසතු කර පූජා කෙරේ.