Print this Article


සීදූවේ සුමනවංස නා හිමියන්ගේ ජන්ම සමරු ව දා මහනුවර දී පින්කම්

සීදූවේ සුමනවංස නා හිමියන්ගේ ජන්ම සමරු ව දා මහනුවර දී පින්කම්

සීදුව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති, බප/මීග/රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන – මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරි , සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරි, අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ සම්මාන ප්‍රධාන සංඝ නායක, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නා හිමියන් විසින් 36 වන වරටත් මහනුවර ශ්‍රීදළදා මාලිගාවේදී පින්කම් මාලාවක් පවත්වනු ලැබේ.

වාර්ෂිකව ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාව මෙම 05 සහ 06 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු සලසා ඇත. 05 වනදා පස්වරු 4.30 ශ්‍රී නාථ දේවාල විහාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් , පොලිස්පති , සිවිල් ආරක්ෂක අණදෙන නිලධාරි, ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක නිළධාරින් ඇතුළු සමස්ත ලක්වැසි සැමට සෙත්පතා විශේෂ ආශිර්වාද පහන් පූජා, අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පින්කම් මාලාව පැවැත්වේ.

මෙදින රාත්‍රී 07.00 ශ්‍රී දළදා වහන්සේ උදෙසා අෂ්ඨපාන සහිත ගිලන්පස බුද්ධ පූජාව හා පසුදින අළුයම 06.00 ට කිරි ආහාර බුද්ධ පූජාව, 06 වෙනි දා ශ්‍රී දළදා වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජාව පැවැත්වීම, එදින පෙරවරු 11.00 ට මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන තෛ‍්‍රනිකායික ගරුතර මහා සංඝරත්නය 100 ක් නමක් විෂයෙහි දවල් සඟසතු මහා දානමය පින්කම ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේ දී පැවැත්වේ. නාහිමියන්ගේ ජන්ම දිනය ඔක්තෝබර් මස 06 වෙනි දිනට යෙදී ඇත.