Print this Article


කදුරුදූව ධාතු මන්දිරය විවෘත කිරීම 28 වන දා

කදුරුදූව ධාතු මන්දිරය විවෘත කිරීම 28 වන දා

පානදුර, ගොරකාන, කදුරුදූව ශ්‍රී දීපාරාමයේ ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් හා යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි වූ ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යොත්සවය විහාරාධිපති, රත්මලාන පරමධම්ම චේතිය පරිවෙණාධිපති රත්මලානේ ලේල්වල කාශ්‍යප හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ. එම පින්කමේ මූලාසනය ගල්කිස්ස බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක දිවියාගහ යසස්සි නාහිමියන් විසින් හොබවන අතර ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු යුද හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රධාන සම්භාවනීය පැවිදි ගිහි උතුමන් රාශියකගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 28 වන දා සිදු කෙරේ. පසු දින උදේ 10.00 ට විශේෂ බුද්ධ පූජා පින්කම කැස්බෑව සමාධි විහාරාධිපති ශාස්ත්‍රපති මාවනැල්ලේ පවර හිමියන් විසින් සිදු කෙරේ.