Print this Article


පහන් සිතක කවි

උසස් පින්කම

බුදු හිමි දෙසූ අනුව ම වස් දම් පුරන
තෙමසක් පුරා පිළිවෙත් පිරු සඟ රුවන
චීවර මාසයේ සැම වෙහෙරක බැතින
උසස් ලෙස පවත්වයි පින්කම කඨින

කඨින මහා පින්කම බලගතු එකකි
අට මහා කුසල් බලයේ එක පින්කමකි
වෙහෙරක පවත්වන්නට හැකි එක් වරකි
බොදු ජනතාවගේ හද දිනු මල් කඩකි


මේ වස් කාලය යි

මේ වස් කාලය යි අපි පන්සලට යමු
දන් සිල් භාවනා පින්කම්වල යෙදෙමු
උදයට බෙහෙත් කැඳ සඟ රුවනට පුදමු
මළු පෙත් මං හැමද වත් පිළිවෙත් කරමු

දහවල දානෙ අරගෙන පන්සලට යමු
කිරි පැණි අවුළුපත් හා පලතුරු ද දෙමු
සවසට ගිලන්පස ටික පූජා කරමු
පන්සිල් රැගෙන බැතියෙන් තෙරුවන් වඳීමු


අපි

ඔක්කොම යාචකයෝ
ආදරය, ප්‍රේමය
සෙනෙහස
ගරු නම්බු, ප්‍රසංශා
සිඟාකන