Print this Article


බුදුසරණ ධර්ම චාරිකා මෙවර වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ දී 28 වන දා

බුදුසරණ ධර්ම චාරිකා මෙවර වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ දී 28 වන දා

බුදුසරණ ධර්ම චාරිකා බිනර මස දහම් දෙසුම වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ දී මෙම 28 වන දා පැවැත්වේ.

විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර නා හිමියන්ගේ අනුශාසනා පරිදි කතරගම රතනවංශ හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පින්කම පැවැත්වේ. එදින පස්වරු 4 ට ගිලන්පස බුද්ධ පූජා පෙරහර සහ සවස 4.30 ට දහම් දෙසුම ද පැවැත්වේ. බොරැල්ලේ කෝවිද හිමියන් විසින් එම දහම් දෙසුම පවත්වනු ලැබේ.

එදින ධර්ම ශ්‍රවණය සඳහා පැමිණෙන පින්වතුන්ට ධර්ම දානය සඳහා බුදුසරණ පුවත්පතෙහි පිටපත් නොමිලයේ පිරිනැමීමට අපේක්ෂා කරන පරිත්‍යාගශීලීහු වෙතොත් අදාළ පිටපත් කල් ඇතිව පළාතේ ලේක්හවුස් නියෝජිත තැන වෙතින් හෝ ලේක්හවුස් ආයතනයේ බෙදා හැරීම් අංශයෙන් 0766770159 ශාන්ත මහතා වෙතින් වෙන් කරවා ගත හැකි වේ. විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ ගුරු සිසු පිරිස සහ විහාරස්ථ දායක පිරිස ද, විහාරස්ථ සියමුතු පවුරද මෙහෙයවීමෙන් ගිලන් පස පූජා පෙරහර සංවිධානය කෙරේ.

එම පින්කමට පිළියන්දල සහ හෝමාගම ප්‍රසාද් ටෙක්ස් ටයිල් සහ දර්ශන ඉන්ටර් නැෂනල් ආයතනයේ දර්ශන හඳුන්කූරු මගින් සැදැහැති දායකත්වය දක්වනු ලැබේ.