Print this Article


කොල්ලුපිටිය වාළුකාරාමයේ ඇසළ මහ පෙරහර 27 වන දා

කොල්ලුපිටිය වාළුකාරාමයේ ඇසළ මහ පෙරහර 27 වන දා

කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරය මගින් 56 වන වරටත් සංවිධානය කරනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහර මෙම මස 27 වන දා රාත්‍රී වීථි සංචාරය කෙරේ.

ඒ නිමිත්තෙන් වාළුකාරාමයේ දී මෙම 21 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද, 25 වන දා ගණදෙවි ප්‍රතිමාව රැගත් පෙරහර බම්බලපිටිය කදිරේෂන් කෝවිල දක්වා ගමන් කරනු ලැබේ. 23 වන දා කොළඹ රාජකීය විද්‍යාලයේ සිට මල් පෙරහර විහාරස්ථානය දක්වා ද, 24 වන දා මහානාම විද්‍යාලය මගින් සංවිධානය කරන මල් පෙරහර විහාරස්ථානය වෙත ගමන් කිරීම ද, 25 වන දා තර්ස්ටන් විද්‍යාලය සංවිධානය කරන මල් පෙරහර විහාරස්ථානය වෙත ගමන් කිරීම ද වේ. 26 වන දා කදිරේෂන් කෝවිලේ සිට ගණදෙවි ප්‍රතිමාව රැගත් පෙරහර විහාරස්ථානය වෙත ගමන් කරන අතර කොල්ලුපිටිය පොලිස් ස්ථානය මඟින් සංවිධානය කරන මල් පෙරහර ද එදින විහාරස්ථානය වෙත ගමන් කරනු ලැබේ. රාත්‍රී 07.30 පාවාඩ පෙරහර ද අවසන් මහා පෙරහර 27 වන දා වීථි සංචාරය කෙරේ.