Print this Article


පහන් සිතක කවි

පෝදා පන්සල

කිරි සුදු මළුවට සඳ රැස් වැටිලා
බෝපත් සිලි සිලි නද දෙන්නේ
පහන් වැටේ සිළු දැල්වී දැල්වී
ආලෝකය දස අත පැතිරෙන්නේ
දෝත් නගා බුදු ගුණ සිහි කර කර
සාධු කාර නාදය දෙන්නේ
පෝදා පන්සල මෙලෙසින්
ලස්සන කර දුන්නේ සම්බුදු සමිඳුයි

****

බිනර පෝදා

මහමායා දේවි නැති අඩු බව මැකුණී
යහ සොයුරිය විලස යුතුකම් ඉටු කෙරුණී
දහසක් සැප ඇතත් ගිහිගෙයි දුක දැනුණී
මහ දිග සසර කෙටි කර ගන්නට සිතුණි

රුව කුල කතුන් වෙත දම් රස සුවඳ බෙදා
ලොව භික්ෂුණී සසුන ඇරැඹුන දිනය එදා
සුව දෙන පුවත සරසයි පෝ බිනර විදා
පව පින හැඳින යන කතුනගෙ දිනය සදා

****

වඳිමු සාධු කිය කියා

රන් තරු මැද ආකාසේ
පුරා සඳක් පායන්නේ
හැංගි හැංගි එබිකම් කර
පෝයට සඳ පායන්නේ
සුවඳ සමන් මල් පුදා
පහන් වැටක් දල්වලා
තිලොවග හිමි පා නමදිමු
තෙරුවන් ගුණ කියමිනා

****

සොබා දහම

කැකුළු වැනෙනා
ළපළු නටනා
තුර මුලෙහි නිතිනා
මල් පත්
පරව වියළී වැටිලා

****

බණ පද

සැමදා පෝය දින
බණ පද ඇසෙනවා
බණ පද ඇසෙන විට
පින් සුවඳක් දැනෙනවා
සැනසිල්ලේ අපි
බණ පද අසනවා
සිත් තුළ අපේ
පින් සිතිවිලි ගලනවා

****

මෙහෙණ සසුන

ලොවී ලොව්තුරු අපේ
සම්මා සම් බුදු රදුන් ගේ
සුළු මව් ලෙසට සිටියේ
මහා ප්‍රජාපතී ගෝතමී

මෙහෙණි සස්න පිහිටුවන්නට
වෙහෙස දැරූ සුළු මෑණියන්ගේ
ඉල්ලීම පරිදි අද වත්
දිනෙක ඇති විය මෙහෙණි සස්න

****

අනගාරික ධර්මපාල තුමනි

අඳුරු යුගයක උපන් සොඳුරු විරුවාණනි
දීන පරගැති යදම් වැනසූ නියමුවාණනි
කිව යුත්ත කෙළින් කිව් වීිර සිංහයාණනි
සැබෑ ජාතියෙ පියා ඔබයි උතුමාණනි

දියසේන කුමරවරු තිඹිරි ගෙදරම නැසේ
මත් රකුසු මාරයන් සෑම මුල්ලක දිසේ
රැක ගන්න සිහළ දැය සසුන නෙත් දෙක ලෙසේ
සියක් දම්පල් වරුන් ඉපදේවා ලක් කුසේ

****

අයං වස්සාන කාලෝ

වසරට වරක් අමිලම පින් රැස් වෙන්න
සම්පත් සපිරි දෙවි තලයක උපදින්න
සව් කෙලෙසුන් නසා නිවනින් සැනසෙන්න
දැන් ව ස් කාලය යි පින් දම් කර ගන්න