[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

නො. 255, දකුණු තල්පිටිය, වාද්දුව යන ලිපිනයේ පදිංචි අවුරුදු 18 ක් වයසැති ගවේෂ් රන්දුන දරුවා ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර මාස 3 කට වැඩි කාලයක් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබූ බවද කියයි. ලංකා හොස්පිට්ල්ස් පෞද්ගලික සමාගමේ සේවය කරන රක්තවේදී විශේෂඥ වෛද්‍ය සමන් හේවාමාන්න මහතාට යොමු කළ පසු ඔහු පවසා සිටියේ දරුවා සුවකළ හැකි බවයි. මෙහි ඖෂධ සඳහා විශාල මුදලක් දැරීමට සිදුව ඇති බැවින් ඒ සඳහා හැකි පමණින් උදව් උපකාර ලබා දෙන මෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.දු.ක. 071 1536625 බැංකු ගිණුම් අංකය - 107557628201, සම්පත් බැංකුව ආර්. කේ. ජේ.කේ. පෙරේරා.

****

“ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගය කිරීමට කැමති අයෙකු වේ නම් 077 382 6553 හෝ 076 1049091 දුරකතන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

නො. 260, දවටගහවත්ත, මීගමු පාර නිට්ටඹුව, ලිපිනයේ පදිංචි, නෙත්මි අංජානි 69/10, රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සායනයේ ලියාපදිංචිව ප්‍රතිකාර ලබන බව කියයි. “ඕ ලේ වර්ගය හෝ ඒ ලේ වර්ගය ඇති අයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වී ඇති බව ද කියයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට පරිත්‍යාගශීලී කෙනෙකු වේ නම් නිට්ටඹුව මීගමුපාර දවටගහවත්ත නො. 260 එල්.එම්. සීතා චන්ද්‍රිකා 0775562227 හෝ 071 8324277 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

හොරණ පදිංචි එක් දරු මවක් වන ඊ.ඒ. රෝහිණී මහත්මිය වකුගඩු දෙකම නරක් වී ඇති හෙයින්, වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇති බවත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට විශාල මුදලක් වැයවන හෙයින්, එම මුදල සොයා ගැනීමට යම් උපකාරයක් කළ හැකි නම් ලංකා බැංකු ගිණුම් අංකය වන 807909 ගිණුමට බැර කරන ලෙස ඉල්ලීමක් කෙරේ. දුරකථනය 070 2933797

“ඒ පොසිටිව්, ඒ නෙගටිව්, ඕ පොසිටිව්, ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් ද පිරිනැමිය හැකි අයෙකු වෙතොත් අමතන මෙන් ඉල්ලීමක් කෙරේ. 077 5202168, 077 2186500, 078 3159411.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]