[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෙඩ දුක් වැඩි ඇයි?

ලෙඩ දුක් වැඩි ඇයි?


අජාන් බ්‍රහ්මවංසෝ හිමි

සිත කරදර කර ගත්තාම අසනීප වෙනවා. හිත කරදර කර ගැනීම ශරීර සෞඛ්‍යයට බරපතළ හානියක්.

අපි අපේ ශරීරය ගැන ඕනෑවට වඩා සිත් කරදර කර ගත්තාම තමයි ගැටලුව. මනස හොඳින් තියාගෙන කටයුතු කරන්න. ශරීරය එයට අවනත වේ. මේක හැම විටම මෙහෙම නොවෙන්න ඉඩ තියෙනවා. ඒත් මෙහෙම වෙන්න තියෙන ඉඩකඩ වැඩි යි. හොඳ මනසක් ඇත්නම් ඔබේ සිරුර නිරෝගී වෙනවා. ශක්තිමත් වෙනවා.

ශාරීරික රෝගවලට හේතුවන එක් බරපතළ කාරණයක් තමයි මානසික රෝග. විශේෂයෙන් ම එය රෝගවලට ඔරොත්තු දීමේ ශක්තියට බාධා කරනවා.

මීට කලකට පෙර මා මැලේසියාවට ගිය වේලාවේ සුප්‍රසිද්ධ බෞද්ධයෙක් වූ ෂින් සූ ඔහුගේ අත්දැකීමක් මට කිව්වා. ඔහුගේ ශල්‍යාගාරයට එන පිළිකා රෝගීන් රෝගයට ගොදුරු වීම්, නැත්නම් රෝගය සුව වීම පිළිබඳව රෝගියාගේ ආකල්ප තදටම බලපාන බව ඔහු මට කිව්වා. රෝගය කොයිතරම් උත්සන්න වුණත්, රෝගය පිළිබඳව රෝගියා දරන ආකල්ප රෝගයට ඔරොත්තු දීමට කදිමට බලපාන බව ඔහු මට කිව්වා. රෝගයට ඔරොත්තු දීමේ දී රෝගියාගේ සිත ඉතා වැදගත් සාධකයක්.

සිත දිහා බලන්න. ගැටලුවක් ඇති වූ විට එහි මුල කුමක්දැයි ඒ දිහාවට සිත යොමු කරන්න. සිත වඩා වැදගත්. සතුටෙන් හා පී‍්‍රතියෙන් ඉන්න.

මම තරුණ කාලයේ යෝග ව්‍යායාම ගැන බොහෝම උනන්දු වුණා. මම එළවලු පමණක් ආහාරයට ගැනීම, ශරීරයට හිතකර ආහාර වර්ග ගැනීම ගැන උනන්දු වුණා. කාබනික පොහොර යෙදූ ආහාර ගැන මා උනන්දු වුණාම, මගේ මිත්‍රයෝ මට බාගෙට පිස්සු යැයි කිව්වා. විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ දී මා ආහාරයට ගත්තේ එළවලු ආහාර පමණයි. මගේ යාළුවො මට විහිළු කළ හැටි මට තාම මතකයි. මා කන්නේ හාවන් කන කෑමයි කියා ඔවුන් මට විහිලු කළා.

ඒ කාලේ ‘නිරෝගි සිරුරක් සඳහා යෝග‘ නම් සුප්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහන මම නැරඹුවා. මම හිතන්නේ එය යෝග ක්‍රම ගැන මුල්ම රූපවාහිනි වැඩ සටහන. මේ ඉරියව් වැඩ සටහන්වල දී හරිම පුදුමාකාර යෝගි ආසන ඉදිරිපත් කළ ඇමරිකානු ජාතිකයා මට තවම මතකයි. ඔහු නොයෙකුත් ඉරියව් පෙන්නුවා. මම මේ දිනවල ගිහියෙක් නිසා මා ඒ වැඩසටහන් ආසාවෙන් නැරඹුවා. මම මහණ වී උපසම්පදා ව ලැබුවාට පසු ඇමරිකන් ජාතික හාමුදුරු කෙනෙක් එක්ක කතා බහ කරමින් සිටි වේලාවේ අර යෝග වැඩ සටහනත්, එය ඉදිරිපත් කළ ඇමරිකන් ජාතිකයා ගැනත් ඇසුවා.

හරිම පුදුම දෙයක් සිදු වුණ විත්තිය ඒ හාමුදුරුවෝ මට කිව්වා. අර ලෝක ප්‍රසිද්ධ රූපවාහිනි වැඩ සටහනේ යෝග ඉරියව් ප්‍රදර්ශනය කරමින් සිටි ඇමරිකානු ජාතිකයා යෝග ඉරියව් ප්‍රදර්ශනය කරමින් සිටිය දී ම මැරී වැටුණු විත්තිය මේ හාමුදුරුවෝ මට කිව්වා.

ඒක නම් වෙන්න බැහැ. එයා යෝග ව්‍යායාමත් කළා.” මම කිව්වා. ඔහුට අවුරුදු 30 ක් විතර ඇති. මේ සිද්ධියෙන් ඔප්පු වුණේ ශරීරයට වඩා මනස වැදගත් බවයි. ඔබ කන බොන දේ ඉතා වැදගත්. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. ඒ තරමට ම මනසත් වැදගත් වෙනවා.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]