Print this Article


වීරවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කෙරේ

වීරවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කෙරේ


වීරවිල, තිස්ස පාර, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල පිහිටි ඉතා පෞරාණික වටිනාකමකින් යුතු චේතිය පබ්බත පුරාණ විහාරස්ථාන පරිශ්‍රය තුළ 47 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකිරීම පිණිස පසුගියදා මුල්ගල් තැබූ බව සෙවනගල චන්දිම හිමියෝ පවසති. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සම්පූර්ණ වැඩ අවසන් කිරීමට විශාල මුදලක් වැයවන බව චන්දිම හිමියෝ කියති. චේතිය පබ්බත පුරාණ විහාරස්ථාන දායක සභා ගිණුම, ලංකා බැංකුව, තිස්සමහාරාම, ගිණුම් අංකය 72164486 වෙත ඊට ආධාර කළ හැකි බවද කියයි.