Print this Article


ජන්ම සමරුවට ගංගාරාමයේ දී ධර්ම දානය පතා බුදුසරණ බෙදාදීමක්

ජන්ම සමරුවට ගංගාරාමයේ දී

ධර්ම දානය පතා බුදුසරණ බෙදාදීමක්


දයාද ෆොන්සේකා මහත්මියගේ අසූ හතර වන ජන්ම දිනය මෙම බිනර පෝදාට යෙදීමත්, බිනර මස 23 වන දින හර්ෂ මෙවන් කිත්සිරි මහතාගේ ජන්ම දිනය යෙදීමත් නිමිත්තෙන් ධර්ම දානයක් ලෙස බුදුසරණ පුවත්පත කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර හිමි, විහාරාධිකාරී කිරින්දේ අස්සජී හිමි ඇතුළු මහ සඟ රුවනටත්, උපාසක උපාසිකාවන්ටත් ආදරණීය පුතු හා කල්‍යාණ මිත්‍ර කැලුම් විසින් පිරිනමනු ලැබේ.

දංකොටුව දික්වෙල මොහොට්ටිමුල්ල එකමුතු තරුණ සමිතියේ සභාපති කිවිදු හර්ෂ මෙවන් කිත්සිරි තරුණ මහතා විසින් කාව්‍යමය ධර්ම දේශනාවක් දවල් 12 සිට පස්වරු 1 දක්වා ගංගාරාම විහාරයේ දී පැවැත්වෙන අතර,

මීගමුව අඟුරුකාරමුල්ල අභය සේකාරාරාම විහාරයේ විහාරාධිකාරී දැවමොට්ටාවේ මහින්ද හිමි, පස්වරු 3.15 - 4.30 දක්වා ධර්ම දේශනාවක් ද පවත්වනු ලැබේ.