Print this Article


ගිරිඋල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම පෝදා

ගිරිඋල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම පෝදා

ගිරිඋල්ල, උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාර භූමියේ මෙරට ඉදි කෙරෙමින් පවතින විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සම්බුදු සිරසෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය බිනර පොහෝ දින පෙරවරු 10.00 සිට දවස පුරා සිදු කෙරේ. ශ්‍රී මේධංකරාරාමයේ බුදුරුව සංවර්ධන සමිතිය මඟින් එය සිදු කෙරේ. එදින පෙරවරු 8.00 සිට නිධන් වස්තූන් වැඩම කරවන පූජා පෙරහර ගිරිඋල්ල නගරයේ සිට උයන්වත්ත ශ්‍රී මේධංකරාරාමය දක්වා පැවැත්වේ.