Print this Article


සාහිත පොත් පියසින් දහම් පොත් පෙළක්

සාහිත පොත් පියසින් දහම් පොත් පෙළක්

මෙවර (2019) සාහිත්‍ය මාසය නිමිත්තෙන් කොළඹ 10,මරදාන පාරේ, අංක 643 (සම්පත් බැංකුව) අසල පිහිටි “සාහිත පොත් පියස” මගින් නවතම දහම් පොත් පෙළක් එළිදක්වා තිබේ.

අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමි “නොපළ ලිපි“ , ආචාර්ය මිරිස්සේ , ධම්මික නාහිමි, “සසර නිවන සිත” , කථිකාචාර්ය පූලියද්දේ සුධම්ම නාහිමියන්ගේ “හොඳ ම දේ දරුවන්ට”. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ “දවන එළිදෙන ආගම දහම” පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන්ගේ “ගිහි ගෙදරට බණ දහම් (අඳුරට එළියක්)” කථිකාචාර්ය මහරැඹෑවැවේ පාලිත හිමි ලියූ “සසර කථාවේ –සතර අපායේ” ,අජාන් චා තෙරුන්ගේ” භාවනා හා නිර්වාණ දේශනා” , කලාසූරි නෝමන් සිරිපාල ලියූ “මම මහාමායා දේවී නම් වෙමි” සහ හලලියේ කරුණාතිලක සූරීන් ලියූ “මහ රහත් කථා” , “උදාන කථා” එම අභිනව කෘති අතර වේ.

මීට අමතරව, ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි “භාවනා අප්‍රකට ලිපි“, “අවසන් සාකච්ඡා” ,රේරුකානේ චන්දවිමල මහ නාහිමි” සසර නිවුණ නුවණ පහන”, “අජරාමර ලෝකය”, “බුද්ධෝත්පාද ලෝකය” ,”සිතේ හාස්කම්” , අගලකඩ සුරිසුමන හිමි “රස බණ කථා” ,දොඩම්පහළ රාහුල හිමි “ප්‍රායෝගික බුදු දහම” , “කඨිනය හා අපායෙන් මිදෙන මග“, “උදාන කථාව සහිත යසෝදරාවත”, චාමික මුණසිංහ ලියූ “අබුද්ධස්ස කාලයේ බුදු සසුන”, “සෝම හිමි නම් දිව්‍ය පුත්‍රයා” සහ “සිත නිවන ලෝකය” ඇතුළු ග්‍රන්ථ රැසක නව මුද්‍රණ කිහිපයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.