Print this Article


මහමෙව්නාවේ මංගල හිමියෝ ශාසන විභූෂණ ධම්ම නිසේවිත ගෞරව නාම ලබති

මහමෙව්නාවේ මංගල හිමියෝ ශාසන විභූෂණ ධම්ම නිසේවිත ගෞරව නාම ලබති


සන්නස් පත්‍රය පිළිගැන්වීම දොඩම්පහළ චන්දසිරි මහා නා හිමියන් විසින් සිදු කළ අවස්ථාව.

ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී සිළුමිණි විහාරය ඇතුළු විහාරස්ථාන හා භාවනා පුහුණු ආයතන ප්‍රධාන අනුශාසක ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ත්‍රිපිටක ධම්මවේදී මහමෙව්නාවේ මංගල හිමිපාණන් වෙත අමරපුර ශ්‍රී කල්‍යාණවංශ පාර්ශ්වය මඟින් පිරිනමනු ලැබූ “ශාසන විභූෂණ ධම්ම නිසේවිත ගෞරව නාමය” පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහෝපාධ්‍යාය අමරපුර ශ්‍රී කල්‍යාණවංශ පාර්ශ්වයේ මහානායක දොඩම්පහළ චන්දසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය කලපළුවාව ගෝතම තපෝවනයේ දී පසුගිය දා (01) පැවැත්විණි.

එම අවස්ථාවට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ මහානායක ගිරාඹේ මංගල මහා නා හිමි, එම සංඝ සභාවේ මහ ලේඛකාධිකාරී මඩුගස්තලාවේ විමලමුද්ධි නාහිමි, ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

සන්නස් පත්‍රය කියවීම ශ්‍රී කල්‍යාණවංශ පාර්ශ්වයේ වැඩබලන ලේඛකාධිකාරී අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් විසින් ද, පිළිගැනීමේ කතාව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත රන්මිණිතැන්නේ සිරිසුමන හිමියන් විසින් ද, ස්තූති කතාව උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ ලේඛකාධිකාරී මඩුගස්තලාවේ විමලබුද්ධි හිමියන් විසින් ද පැවැත්වූහ.