Print this Article


ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය

ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය

මාතර කොටපොල ඓතිහාසික ගැටබරු රජමහා විහාරයේ හා බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය මෙම වර්ෂයේ ද පෙර සිරිත් පරිදි පැවැත්වේ. සැප්තැම්බර් 08 වන දා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයෙන් ඇරැඹි එම පුණ්‍ය මහෝත්සවය 09 උදෑසන සංඝගත දක්ෂිණාව ද, 09, 10,11 දිනවලදී පේළි පෙරහර ද, 12, 13 රන්දෝලි මහා පෙරහර ද පැවැත්වේ. 14 දෙවොල් මහා දේව තොවිලය සහ 15 අලුයම ගිනි පෑගීම, දහවල දේව දානය හා 09 සිට 14 දක්වා තොරණ ප්‍රදර්ශනය ද සිදු කෙරේ. විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල නා හිමියන්ගේ අනුශාසනා පරිදි කිරින්දේ ආනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පින්කම පැවැත්වේ.