Print this Article


සරු නිසරු බුද්ධි ප්‍රබෝධය

සරු නිසරු බුද්ධි ප්‍රබෝධය

“අසාරෙ සාර මතිනො සාරෙ චාසාර දස්සිනො”

'සරු, නිසරු දේ නිසිලෙස අවබෝධ කොට සුරැකි, ලැබිය හැක බුද්ධි ප්‍රබෝධය යනු හෙයින් ‘හොඳම දේ දරුවන්ට’ යන මැයින් මහනුවර හන්තාන සිරි ධම්මරතන ත්‍රිපිටක ධර්මායතනාධිපති, බෞද්ධාරක්ෂක පදනමේ නිර්මාතෘ, ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත, කථිකාචාර්ය පූලියද්දේ සුධම්ම හිමියන් විසින් ඉදිරිපත් කොට මාධ්‍යවේදිනී රමණී සුබසිංහ මහත්මිය විසින් සම්පාදනය කළ ප්‍රස්තුත ග්‍රන්ථය කියවීමෙන් මහත් මිනිසත්කම කියාපාන අපූරු වස්තූන්හි භාවාත්මක හැඟීම් උද්ධීපනය කරනු ලබන්නකි.

“මෙවන් ග්‍රන්ථයක් මෙකී කාලයෙහි දරුවනට ප්‍රකාශිත භාවය තවදුරටත් ප්‍රකාශ කිරීම සොබනේ වේ. “නරක සිතකින් හොඳක් කළ නොහැකි ය. යහපත් නොකරන සිතැත්තාගේ ජන්ම ලාභයෙන් පලක් නොමැත.”

යන කියමන ප්‍රකාරව ප්‍රශ්තුතයෝ, යතිවරයාණෝ විසින් මෙකී ග්‍රන්ථයක් දරුවනට දායාද කිරීම බුද්ධිකලම්බනයකි. හොඳ හැදීමකට හොඳ සිතක් සැමවිටම අවශ්‍ය වේ. යන්න මෙයින් නිරන්තරව පෙන්වා දී ඇත. වත්මන් ජන සමාජය ඔතෑනිව,බෙලහීනව, පරාධීනව, අවිනය වාදය, අධර්ම වාදය ඇති විට එය බැහැර කොට යහපත, සරුතාවය හා ජීවිතාවබෝධය මෙතුළින් තවදුරටත් පෙන්වා දීමට උත්සුක වී ඇත. මෙකී බෞද්ධ ග්‍රන්ථකරණය බෞද්ධ හදවත් නිස්සරණයෙන් ප්‍රබෝධශීලී කොට, ජීවිත ජයග්‍රාහී සුරැකීතාවය මෙයින් පෙන්වා දී තිබේ. එමෙන් ම සුධම්ම හිමියන්ගේ මෙකී ප්‍රබෝධ චින්තාවත් ජන සමාජ ගත කිරීමට උත්සුක වී ඇත. අන්‍යොන්‍ය සුහදතාවයත් ඇති කිරීමෙහිලා නිතර වෑයම කොට තිබේ.

මෙහි ඇති මග සම්මා දිට්ඨි පා සටහනක් කොට, සමාජානු යෝජනය කොට තිබේ යන්න අවිවාධිතය. එනිසාවෙන් මෙකී අභ්‍යාසික කිරීම හොබනේ වේ. “වැල යන පැත්තට මැස්ස ගැසීම” යන්න කියමනකි. චිත්ත සමාධිය ලැබිය හැක්කේ අධර්ම වාදයට නොව ධර්ම වාදයටම බව ප්‍රචලිත නොවන්නේ ද? එනිසාවෙන් ජීවිත ඕඝය තරණය කොට සරු බල ලැබගත හැකි යන්න ධර්මිෂ්ට සිතුම් සමුදායෙන් නිස්සරණව පෙන්වා දී ඇති වග නොඅනුමානය.